විශ්‍රාම වැටුප් ගෙවීම්

( රාජ්‍ය කොරතුරු කේන්ද්‍රය ඇසුරිනි )

වැන්දඹු / වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය.

ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීමක් ලැබී රාජ්‍ය සේවයේ නියුතු වූවන්ගේ වැන්දඹුවන් , වැන්දඹු පුරුෂයන් , අනත්දරුවන් සහ ආබාධිත විශ්‍රාම වැටුප් ලැබීමට සුදුස්සන් සඳහා මෙම සේවය ලබා ගත හැක.
1 වැන්දඹු /වැන්දඹු පුරුෂ හා අනත්දරු වැටුප් ක්‍රමයට දායක වීමේ ක්‍රියාවලිය
1) ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීමක් ලැබී මාස තුනක් ඇතුලත ලියාපදිංචි වී වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් අංකයක් ලබා ගත යුතුය.
2) මාස තුනකට පසුව ඉදිරිපත් කරන්නේ නම් ප්‍රමාදයට හේතු සමඟ දායක මුදල් අයකල බවට සහතිකයක් ඉදිරිපත් කල යුතුය.
3) එක් එක් නිලධාරියාට වෙන් වූ ලිපි ගොනුවක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙහි පවත්වාගෙන යනු ලැබේ.
4) සේවා කාලය අතරතුර පවුල් ජීවිතයේ සිදුවන වෙනස්කම් ආයතන ප්‍රධානි හරහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේනතුව වෙත දැනුම් දිය යුතුය.
• දරුවන්ගේ උපත.
• ආබාධිත දරුවන් සිටී නම් විස්තර.
• විවාහක පාර්ශවය මියයාම, දික්කසාද වීම.

2 ලියාපදිංචි වීමට අවශ්‍ය කරන උපකාරක ලියවිලි.
1) අයදුම්පත - ( සේවය කරන ආයතනයෙන් ලබාගත හැක ) පොදු 86 ( නිලධාරීන් ) /
පොදු 86 “අ” ( නිලධාරිනියන් )
2) පත්වීම් ලිපියේ සහතික කල පිටපත
3) විවාහ සහතිකයේ මුල් පිටපත
4) පෙර විවාහ වී නම් මරණ සහතික‍ය හෝ දික්කසාද සහතිකය.
5) කලත්‍රයාගේ / දරුවන්ගේ උප්පැන්න සහතික පිටපත්.
6) නිලධාරියාගේ / කලත්‍රයාගේ හැදුනුම්පතේ ඡායා පිටපත්.
7) නමේ වෙනසක් වෙතොත් එම වෙනසට හේතු (දිව්රුම් සහතික)
ඉහත සඳහන් ලියවිලි ආයතනය මගින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.
විශේෂ තත්ත්වයන්.
නිලධාරියකු වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් අංකය ලබා නොගෙන මිය ගිය හොත් වැන්දඹුව නැතහොත් අනත්දරුවන් විසින් නිලධාරියා රැකියාව කල ස්ථානයෙන් වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් අංකය ලබා ගැනීමට ඉල්ලුම් කල යුතුය.

3 වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුපක් ලැබීමට සම්පූර්ණ විය යුතු සුදුසුකම් / යෝග්‍යතාවය.
• දායකයා/ දායිකාව ස්ථිර විශ්‍රාම වැටුපක් හිමි තනතුරක් දැරීම.
• දායක මුදල් ගෙවා අවසන් වීමට පෙර විවාහ වී තිබීම. (විශ්‍රාම යාමට පෙර විවාහ වී තිබීම)
• දායකයා මියගිය දින සිට හිමිකම ලැබේ
• සේවා කාලය පිළිබද ගණන් ගැනීමක් නැත.
• සේවය ස්ථීර කොට තිබීම අවශ්‍ය නොවේ.
4 වැටුපෙන් අයකරනු ලබන දායක මුදල් ප්‍රමාණය
ප්‍රාථමික හා ද්විතිය මට්ටම 6%
තෘතික හා ජේ‍යෂ්ඨ මට්ටම 7%

5 දායකයා විසින් දැනගත යුතු කරුණු
• දායක මුදල් නිසි පරිදි අයවන බව
• වරින් වර ගොනුව යාවත්කාලීන කිරීමට අවශ්‍ය තොරතුරු ලබාදුන් බව
• සේවා දායකයා මේ සම්බන්ධව ලිපි ගනුදෙනු කරන සෑම අවස්ථාවකම වැන්දඹු අනත්දරු
අංකය සමග ලිපි යොමු කල බව
• වැන්දඹු කාඩ්පත තමා භාරයේ කලත්‍රයා දැනුවත් කර සුරක්ෂිතව තිබෙන බවට

6 වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් හිමිකම් ලබන්නන්.
1 ) වැන්දඹුව කලත්‍රයා මිය යාමෙන් පසු නැවත විවාහ වන තෙක්
වැන්දඹු පුරුෂයා ලබා ගත හැක.
2 ) අනත්දරුවන්
• වයස අවු. 21 ට අඩු පිරිමි දරුවන්
• වයස අවු. 21 ට අඩු අවිවාහක ගැහැණු දරුවන්
• වයස 21 සිට 26 තෙක් රැකියා විරහිත පිරිමි දරුවන්
• වයස 21 සිට 26 තෙක් රැකියා විරහිත අවිවාහක ගැහැණු දරුවන්
වැන්දඹුවගේ මරණයෙන් පසු එනම් මව්පිය දෙදෙනාම මියගිය පසු හිමිකම ලැබේ. එසේ නැතහොත් වැන්දඹුව / වැන්දඹු පුරුෂයා නැවත විවාහ වීමෙන් පසු හිමිකම් ලැබේ.
3 ) වෛද්‍ය මණ්ඩල අනුමැතිය ලත් නිත්‍යාබාධිත දරුවන්. (වයස් සීමාවක් නැත)

7 වැන්දඹු විශ්‍රාම වැටුප් ලබා ගන්නා ආකාරය
• විශ්‍රාමිකයකු මිය ගිය පසු කලත්‍රයා විසින් මරණ සහතිකය , වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් අංකය සමඟ වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප ලබ දෙන ලෙස ඉල්ලීමක් තමා පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කල යුතුය.
• අදා හිමිකම් පරීක්ෂාවෙන් අනතුරුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ගෙවීම් කරනු ලැබේ.

8 අනත්දරු විශ්‍රාම වැටුප් ලබා ගැනීම.
• දෙමව්පියන්ගේ ඇවෑමෙන් පසුව තම දෙමාපියන්ගේ මරණ සහතික , දරුවන්ගේ උප්පැන්න සහතික , දරුකමට හදා වඩා ගත් දරුවන් සදහා කුලවද්දුම් නඩු තීන්දුවේ පිටපතක් වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් අංකය සමගින් පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත ඉල්ලුම් කල යුතුය.
• හිමිකම් පරික්ෂාවෙන් අනතුරුව ගෙවීම් කිරීම සඳහා ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත යොමු කරයි.
මේ සඳහා භාරකරුවෙකු පත් කිරිම අවශ්‍ය වේ නම් ප්‍රාදේශිය ලේකම්ගේ නිර්දේශ අනුව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් විසින් කරනු ලැබේ.

9 ආබාධිත විශ්‍රාම වැටුප් ලබා ගැනීම.
• තම දෙමව්පියන්ගේ මරණ සහතික හා වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් අංකය සමඟ ඉල්ලීමක් පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත කල යුතුය.
• වෛද්‍ය පරීක්ෂණ මණ්ඩලයක් වෙත යොමු කරන අතර එහිදී නිත්‍යාබාධිත (ශාරිරික හෝ මානසික නොහැකියාවෙන් පෙලීම ) බව තහවුරු වේ නම් ගෙවීම් කටයුතු සඳහා ප්‍රාදේශිය ලේකම් වෙත යොමු කරයි.
• මේ සඳහා භාරකරුවෙකු පත් කිරිම අවශ්‍ය වේ නම් ප්‍රාදේශිය ලේකම්ගේ නිර්දේශ අනුව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් විසින් කරනු ලැබේ.
විශේෂ තත්ත්වයන්. ( දරුකමට හදාගත් )
දරුකමට හදාගත් දරුවන් සඳහා හිමිකම් ලැබීමට නම් ඔවුන් දරුකමට හදාගත් බවට උසාවි අනුමැතිය ලබා ගෙන තිබිය යුතුය. මෙම නියෝගය විශ්‍රාම යාමට පෙර ලබාගත යුතුය.

10 නිලධාරියා/ විශ්‍රාමිකයා අතුරුදහන් වුවහොත්.
• නිලධාරියකු අතුරුදහන් වුවහොත් අතුරුදහන් වී වසරක් අවසානයේ පොලීස්, ප්‍රාදේශිය ලේකම් හා අනෙකුත් වාර්තා මත පදනම්ව වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් හිමිකරුවන් වෙත ප්‍රදානය කෙරේ.
• විශ්‍රාමිකයෙකු අතුරුදහන් වී මාස හතරකට පසු පොලිස්, ප්‍රාදේශිය ලේකම් සහ අනෙකුත් වාර්තා පදනම් කර ගනිමින් වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් හිමිකරුවන් වෙත ලබා දේ.

11 වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් සඳහා හිමිකරුවන් නොමැති නම් ( දායක මුදල් ආපසු ලබා ගැනීම )
1) අවිවාහකව විශ්‍රාම යන්නේ නම් වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් සඳහා දායක මුදල 2 ½ % පොලියක් සමඟ ගෙවනු ලැබේ.
2) දරුවන් නොමැතිව වැන්දඹු ලෙස විශ්‍රාම යන විට දායක මුදල 2 ½ % පොලිය සමඟ.
3) විශ්‍රාම වැටුපකට හිමිකම් ඇති දරුවන් නොමැති නම් කලත්‍රයා මිය ගිය දිනය හෝ බාලම දරුවාට අවු 26 පිරෙන හෝ බාලම දරුවා ස්ථිර රැකියාවක නිරත වන දිනය හෝ දිනයන්ගෙන් පසුව එලඹෙන දිනයේ සිට විශ්‍රාම යන දිනය තෙක් අයකල දායක මුදල පොලී රහිතව.

දායක සේවා විශ්‍රාම වැටුප් ක්‍රමය
දායක සේවා විශ්‍රාම වැටුප් ක්‍රමය ස්තාපිත කර ඇත්තේ 1958 වර්ශයේ අරධ සාදක අරමුදල් පනත අංක 15 ට සංශොදනයක් කිරීමටය. එමනිසා අරධ සාදක අරමුදල් පනතද දායක සේවා විශ්‍රාම වැටුප් පනත ලෙසත් ඇඳින්වේ. මේ ක්‍රමය රාඡ්‍ය සේවයට 01 / 01 / 2003 යන දිනයේ හෝ ඊට පසු බඳවන ලද සේවකයන් ඇතල් කරගනු ලැබේ.
දායක සේවා විශ්‍රාම වැටුප් ක්‍රමයට මුදල් ආයොඡනය, ගිණුම් හා ප්‍රතිපත්ති වෙන්වම කරනු ලැබේ. සැම වියදම් හා ආදායම් මෙම ආයෝඡනය මගින් දරනු ලැබේ.සුදුසුකම්
• රාඡ්‍ය හා ප්‍රාදේශිය සේවකයින්
• ස්තීර පදනම් මත වැඩකර සේවකයින්
• 01/ 01/ 2003 වන දිනයේ හෝ ඉන් පසු බැඳුනු සේවකයින්
සටහන :
• තාවකාලික / ගිවිසුම් මත/ දෛනික සේවකයන් හා රා.සේ.වි.වැටුප් ක්‍රමයට දායක නොවන්නන් මෙම ක්‍රමයට සුදුසුකම් නොලැබේ.
කාර්ය පටිපාටියට යටත් වේ
අයදුම් පත්‍ර
විශ්‍රාමික අයදුම්පත
ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
• රාඡ්‍ය හා ප්‍රාදේශිය සේවකයින්
• ස්ථිර පදනම් මත වැඩකර සේවකයින්
• 01/ 01/ 2003 වන දිනයේ හෝ ඉන් පසු බැඳුනු සේවකයින්
ඉහත සඳහන් කර සේවකයන් සේවයට බැඳුනු දිනයේ සිට මෙම ක්‍රමයට ඇතුල් කරනු ලැබේ. මෙම ක්‍රමයේ සේවකයන් දායක ගාස්තුවද පහාත සඳහන් වේ
• සේවකයන් - මාසික විශ්‍රාම වැටුප් ආදායමේ 8 %
• සේවා දායකයා - මාසික විශ්‍රාම වැටුප් ආදායමේ 12 %
( දායක මුදල් ආසන්නම රුපියලට ගණනය කරනු ලැබේ )
සටහන :
• දායක ගාස්තුවද මූල්‍ය මණ්ඩලයේ යෝඡනාව යටතේ අමාත්‍යවරයා විසින් රෙගුලාසිවලට අනුව වෙනස් කර හැකිය.
මෙම දායක වීමේ වස්තර ගණකාධිකාරි විසින් ඉදිරිපත් කර යතුය.

සෙවා සඳහා ගාස්තු
ගාස්තු :කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.
දඩ මුදල් :දඩ මුදල් කිසිත් නැත.
අධිභාර :දායක මුදල මස අවසානයෙ සිට වැඩකරන දවස් 7ක් තුල ගිණුමට බැර කරයුතුය, නැතහොත් අදාල නළධාරියාගෙන් අධිභාරයක් අය කරනු ලැබේ.

අවශ්‍ය අමතර ලයකියවිලි
• භාණ්ඩාගාරයෙ අනුමැතිය ලියුම
• සේවා දායකයාගේ විස්තර අඩංගු පත්‍රය
• සේවකයාගේ මූලික තොරතුරු පත්‍රය
• අනුපිටුපත්
• ඡාතික ඇදුනුම්ප‍ෙත්
• පත්වීමේ ලිපිය
• උප්පැන්නේ සහතිකය
• විවාහ සහතිකය
• සාමාඡිකයන් විස්තර අඩංගු පත්‍රය හා මාරුවීමේ ලිපිය තොරතුරු.

විශේෂ අවස්ථා
• වැදම්ඹු හා අනාතයන් ගෙවීම් කිරීම
01/01/2003 දිනයෙ හෝ ඊට පෙර සේවයට පත්කර සෙවයකයන් මස 120 ක් ක්‍රමයට දායක වී සිටිනම් මරණයෙන් පසු ධායකයාට අදාල පුත්ගලයාට ගෙවීම් කර හැකිය.
• සේවයේ යෙදී සිටිය කාලේදී මරණයට පතවේනම්
අවුරුදු 10 කට අඩුනම් - සියලුම දායක මුදල් + පොලි
අවුරුදු 10 කට වරඩිනම් - මාසික විශ්‍රාම හා අතිරේක ගෙවීම්

රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල.
01
හැදින්විම

විශ්‍රාම වැටුප් අහිමි රජයේ ඇතැම් සේවක සේවිකාවන්ට මුල්‍යමය ප්‍රතිලාභ සැලසීමේ අරමුණින් 1942 අංක 18 දරණ ආඥා පනත මගින් 1942.04.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල පිහිටුවා ඇත. වරින්වර කරන ලද සංශෝධන මගින් මෙම අරමුදලේ සමාජිකත්ව හැකියාව පුළුල් කර ඇත. 2003 අංක 17 දරණ සංශෝධන පනත මගින් මෙය තව දුරටත් පුළුල් කරමින් දෛනික ගෙවිම් හෝ මාසික දීමනා ලද විශ්‍රාම වැටුප් අහිමි සෑම රජයේ සේවක සේවිකාවන්ට ද මෙම අරමුදලේ සමාජිකත්වය ලබා ගැනිමටත් අනාගත මුල්‍ය ප්‍රතිලාභ ලබා ගැනීමටත් අවස්ථාව උදා කර දී ඇත.

02 අරමුදලේ ව්‍යුහය
1970.12.23 දින සිට රාජ්‍ය පරිපාලන විෂය භාර ගරු ඇමතිවරයා වෙත කළමණාකරණ මණ්ඩලයේ සමාජිකයන් පත් කිරිමේ බලතල පැවරී ඇති අතර එහි
සමාජිකයන් පහත පරිදිය.
01.විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් (සභාපති)
02.උප නීතිපති (සොලිස්ටර් ජනරාල්)
03.කම්කරු කොමසාරිස් හෝ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු
04.අරමුදලට දායක වන තැනැත්තන්ගෙන් එක් අයෙක් වශයෙනි.

විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් විසින් අර්ථසාධක අරමුදල් කළමණාකරණ මණ්ඩලයේ ලේකම් හා ගණකාධිකාරි පත්කිරිම සිදු කරයි.

03 සමාජිකත්වය ලබා ගැනීමට සුදුසුකම් ලබන නිලධාරින්.
විශ්‍රාම වැටුප් අහිමි ස්ථිර රජයේ සේවකයින්
තාවකාලිකව, මාසික වැටුප් ලබන රජයේ සේවකයින්
කොන්ත්‍රාත් පදනම මත බදවා ගනු ලබන විශ්‍රාමිකයින් නොවන සේවකයින
දෛනික ගෙවිම් හෝ මාසික ගෙවීම් ලබන විශ්‍රාම වැටුප් අහිමි රජයේ සේවකයින්
ශ්‍රී ලංකික විදේශ දුත මංඩලයක සේවය කරනු ලබන විශ්‍රාම වැටුප් රහිත විදේශිය සේවකයකු හෝ විශ්‍රාම වැටුප් රහිත ශ්‍රී ලාංකික සේවකයකු
ශ්‍රී ලංකා පොලිස් උප සේවයේ නිලධාරින්
අමාත්‍ය කාර්ය මණ්ඩලවල නියුතු නිලධාරීන් සහ පළාත් සභා අමාත්‍ය කාර්ය මණ්ඩලවල නියුතු නිලධාරින්
සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන්
පළාත් සභා මන්ත්‍රි වරුන්ගේ කාර්ය මණ්ඩල සාමාඡිකයින් (රජයේ සේවයේ විශ්‍රාමික නිලධාරීන් හට මෙම අර්ථසාධක ක්‍රමයට දායක වීමට හිමිකම් නැත)

04 සමාජිකත්වය ලබා ගන්නා අන්දම
මෙම අරමුදලේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා රා.සේ.අ.අ. 04 අයදුම් පත්‍රය සම්පුර්ණ කර පිටපත් 2කින් යුක්තව සේවා ආයතන ප්‍රධානියා මගින් එවිය යුතුය.
රා.සේ.අ.අ. ලියා පදිංචි අංකය සඳහන් කර ආපසු එවන රා.සේ.අ.අ. 04 ආකෘතිය අදාල දායකයාගේ ‍‍‍‍‍‍‍ පෞද්ගලික ගොනුවට අමුණා තැබිය යුතුය.
දායකයාට අංකය පිළිබඳ දැනුවත් කිරීම අදාල ආයතන ප්‍රධානීන් විසින් සිදුකල යුතුය.
නිලධාරීන්ගේ චර්යා සටහන් පත් වලද මෙම තොරතුරු අඩංගු කිරීම වැදගත්වේ.
දායක මුදල් සම්බන්ධයෙන් විස්තර විමසිමකදි, දායක මුදල් ආපසු ලබා ගැනීමකදී හෝ රා.සේ.අ.අ. සමග ලිපි හුවමාරුවන සෑම අවස්ථාවකදිම අදාල දායකයාගේ රා.සේ.අ.අංකය සඳහන් කිරීම අනිවාර්ය වේ.
නිසි පරිදි සම්පුර්ණ නොකරන ලද අයදුම් පත්‍ර සඳහා සමාජික අංක ලබා දිම සිදු නොකෙරේ.
ආයතන ප්‍රධානින් මගින් නොලැබෙන කිසිම අයදුම්පත්‍රයක් සඳහා සමාජික අංක නිකුත් නොකෙරේ.

05 දායක මුදල් අය කිරීම.
මෙම අරමුදලට දායක වන සියලුම දෙනා තම මාසික වැටුපෙන් කිසියම් ප්‍රතිශතයක් අරමුදලට ගෙවිය යුතු වේ. එම දායක මුදල “අනිවාර්ය දායක මුදල “ නම් වේ . එම ප්‍රතිශත පහත පරිදිය

කාලපරිච්ජේදය ප්‍රතිශතය
1972 .01 .01 දින දක්වා 05%
1972 .01 .01 සිට 1994 .12 .31 දක්වා 06%
1995 .01 .01 දින සිට 08%

රජය විසින් ප්‍රසාද මුදල වශයෙන් අනිවාර්ය දායක මුදල මෙන් 1.5 ක ප්‍රමාණයක් මෙම අරමුදලට බැර කිරීම සිදු කරයි. 2003 .01 .01 දින සිට අරමුදලට අයකරනු ලබන සියලුම මාසික දායක මුදල් ආසන්නම රුපියලට ගණනය කර, අය කල යුතුය.

06 දායක මුදල් එවීම
දායකයා ගෙන් අයකරනු ලබන 8% ක මුදල වූ දායක මුදල් සදහා ලේකම් හා ගණකාධිකාරී රාඡ්‍ය සේවා අර්ථ සාධක අරමුදල නමින් ලියන ලද චෙක් පතක් මගින් මෙම අරමුදලට බැර කල හැකිය. මෙහිදී සාමාඡික අංකය ලැබෙන තුරු නොසිට දායක මුදල් මාසිකව බැර කිරීමට කටයුතු කිරීම වැදගත්ය.
මධ්‍යම රඡයේ ‍ දෙපාර්තමේන්තු වන විට මෙම දායක මුදල් ගිණුමි සාරංශ මගින් 8098 ගිණුමට බැර කිරීමට හැකියාව ඇත.

07. වාර්ෂික අවකරණ විස්තර
සෑම මුදල් වර්ෂයක් අවසානයේදීම තම දෙපාර්තමේන්තුවට අදාල සියලුම රා.සේ.අ.අ සාමාජිකයින්ගේ වාර්ෂික අවකරණ ව්ස්තර PSPF – 02 ආකෘතිය මගින් මෙම කාර්යාලය වෙත සහතික කර ලැබීමට සැලැස්විය යුතුය

08 සාමාජිකත්වය අහෝසි වීම
අරමුදලේ සාමාජිකත්වය දරමින් සිටින අයගේ සාමාජිකත්වය අහෝසි වීම පහත සදහන් එක් කරුණක් මත සිදුවිය හැක
i. විශ්‍රාම වැටුප් සහිත තත්ත්වයට පත් වීම
ii. වයස අවු 60 හෝ අවු 55 සම්පූර්ණ වීම
iii. ඉල්ලා අස් වීම
iv. තනතුර අහෝසි වීම
v. කොන්ත්‍රාත් කාලය අවසන් වීම
vi. විනයානුකූල හේතුවක් මත සේවය අහෝසි කිරීම
vii. තනතුර අතහැර යාම
viii. මිය යෑම


09ප්‍රතිලාභ ලබාගන්නා අන්දම.
01. රා.සේ.අ.අ. 03 අයදුම් පත්‍රයක් නිසි පරිදි සම්පුර්ණ කර දායකයා අවසන් වරට සේවය කල දෙපාර්තමේන්තු ප්‍රධානියා මගින් ඉදිරිපත් කළ යුතුය. (අවශ්‍ය අනෙකුත් ලේඛණද සමග)
02. අයදුම්පත්‍ර එවීමේදී දායකයා විසින් මීට පෙර මේ සම්බන්ධයෙන් ප්‍රදානයක් ලබා නොගත් බවට ආයතන ප්‍රධානීන් විසින් තහවුරුවක් ලබා දිය යුතුය.
03. මිය ගිය දායකයන් සම්බන්ධයෙන් වන විට උරුමක්කරුවකු විසින් දායකයාගේ ප්‍රකාශය සම්පුර්ණ කල යුතුය.
04. රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලින් ප්‍රදානයන් ගෙවීමේදී සාමාජිකත්වය අහෝසිවීමට හේතු වු පළමු සිද්ධිය පදනම් කරගන්නා අතර, රා.සේ.අ.අ. දායකත්වය අවසන් කල දිනය වශයෙන් සලකන්නේ සාමාජිකත්වය අහෝසි වීමට හේතු වු සිද්ධිය සිදුවු දිනය වේ.
05 . රා.සේ.අ.අ. සාමාජිකත්වය ආරම්භක වු දින සිට සාමාජිකත්වය අහෝසි වු දින දක්වා පමණක් දායකයන්ගේ බැරට ඇති මුදල්වලට පොලී ගෙවනු ලබන නිසා ප්‍රතිලාභ ඉල්ලුම් කිරීමේදි සාමාජිකත්වය අහෝසි වු වහාම අයදුම්පත්‍ර එවන මෙන් දන්වා සිටින අතර , ඇතැම් සාමාජික සාමාජිකාවන් ප්‍රතිලාභ ආපසු ඉල්ලීම් දිගු කාලයක් ප්‍රමාද කිරීම නිසා විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවේ.
06 . රා.සේ.අ.අ. සාමාජිකත්වය අහෝසි වු විවිධ අවස්ථාවන්හිද අයදුම්පත්‍රය සමග එවිය යුතු අනෙක් ලේඛණ පහත පරිදිය.

රා.සේ.අ.අ. දායකත්වය සහිත පත්වීම් ලිපිය
ස්ථිර විශ්‍රාම වැටුප් සහිත තත්ත්වයට පත්කිරීමේ ලිපිය.
ඉල්ලා අස්වීමකදී නම් ඉල්ලා අස්වීම අනුමත කල ලිපිය
සේවය අවසන් කිරීමේ ලිපිය/කොන්ත්‍රාත්තුව අවසන් කල ලිපිය.
වයස සම්පුර්ණ වීමකදිනම් දයකයාගේ උප්පැන්න සහතිකය.
දායක මුදල් අයවීම් පිළිබඳ වාර්තාවක්

මීට අමතරව දායකයකු මියගිය අවස්ථාවකදී
මරණ සහතිකය
විවාහ සහතිකය
දරුවන්ගේ උප්පැන්න සහතිකය
උරුමක්කරුවන් පිලිබඳ ප්‍රාදේශීය ලේකම්ගේ වාර්තාව

07 ඉහත සියලුම ලේඛණවල සහතික කල පිටපත් එවිය යුතු අතර සත්‍ය පිටපතක් බවට සහතික කල නිලධාරි‍යාගේ නම සහිත නිල මුද්‍රාව තැබිය යුතුය.
08 ප්‍රදාන පත්‍රය සමග සම්පුර්ණ මුදලම සඳහා චෙක්පතක් අදාල දෙපාර්තමේන්තු ප්‍රධානියා‍ට යවන අතර , ප්‍රදාන පත්‍රයේ පිටපතක් දායකයාටද යැවීම සිදු කරයි.
09 දායකයා විසින් රජයට ගෙවිය යුතු යම්මුදලක් වේ නම් එම මුදල මෙම ප්‍රදානයෙන් අය කර ගත හැක. සියළුම ‍අයකිරීම් සිදුකරනු ලබන්නේ අදාල දෙපාර්තමේන්තුවෙනි.
10 ප්‍රදානයෙන් අය කර ගත යුතු මුදල් අඩුකර ගැනීමෙන් පසු දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් දායකයාට හිමිවිය යුතු මුදල ගෙවීම සිදු කරයි.
11 මීට අමතරව ස්ථිර විශ්‍රාම වැටුප් හිමිකම් ලැබීම නිසා සාමාජිකත්වය අහෝසි වු සමාජිකයන්ගේ අදාල කාල සීමාව සඳහා වැන්දඹු අනත්දරු හෝ වැන්දඹු පුරුෂ අනත්දරු අරමුදලට දායක මුදල් අයකරගනු ලැබේ.

10. ප්‍රතිලාභ ගෙවිම.
ප්‍රතිලාභ ගෙවීමි පහත සදහන් වගන්තීන් යටතේ සිදුවේ.
වගන්තිය විස්තරය
14 නියමිත සේවා කාලය අවසන් වීම, ඉල්ලා අස්වීම වැනි විධිමත්ව සේවා අවසන් වීමකදී
සාමාජිකයන්ගේ අනිවාර්ය දායක මුදල සහ රඡයේ ප්‍රසාද මුදල් යන දෙකම ඒ ඒ වර්ෂයට අදාල පොළිය සමග
16 සේවය හ‍ැරයාමක් ‍‍ෙහා් විෂමාචාර ක්‍රියාවක් හේතුවෙන් සේවා අවසන් වීමකදී
දායකයාගේ කපා හැරි අනිවාර්ය දායක මුදල සහ ඊට අදාල පොලිය පමණක් ගෙවනු ලැබේ.
20 සාමාජිකයන් විශ්‍රාම වැටුප් හිමි තත්ත්වයට පත් වූ විටක දී දායකයාගෙන් අය කල මුදල සහ ඊට අදාල පොලිය පමනක් ගෙවනු ලැබේ.

සිවිල් විශ්‍රාම වැටුප් ක්‍රමය.
1947 අංක 02 දරණ ආඥා පනත යටතේ නීතිගත වී ඇති විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය අනුව සිවිල් විශ්‍රාම වැටුප් නීත්‍යානුකූල විශ්‍රාම වැටුප් ක්‍රමයක් බවට පත්ව ඇත
නීතිමය විධිවිධාන
•විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ විධිවිධාන
•ආයතන සංග්‍රහයේ විධිවිධාන
•රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ
•විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයට යොමුව විවිධ කරුණු සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මඟින් විවිධ අවස්ථා වලදී නිකුත් කරනු ලැබ ඇති විශ්‍රාම වැටුප් පිළිබඳ වූ චක්‍රලේඛ
•විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු චක්‍රලේඛ.
•විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයට යොමුව විවිධ කරුණු සම්බන්ධයෙන් විටින් විට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ.

විශ්‍රාම වැටුප් සඳහා හිමිකම
•තනතුර ස්ථිර විශ්‍රාම වැටුප් සහිත තනතුරක් වීම
•තනතුරෙහි ස්ථිර කර තිබීම
•ගණනය කළ හැකි දළ සේවා කාලය මාස 120 හෝ ඊට වැඩිවීම
•විධිමත් පරිදි විශ්‍රාම ගැන්වීම

රාජ්‍ය සේවකයකු සම්බන්ධව විශ්‍රාම වැටුප් හිමිකම ආරක්ෂා වීම සඳහා සම්පූර්ණ කර තිබිය යුතු අවශ්‍යතා
මේ සඳහා විශ්‍රාම වැටුප් සංග්‍රහයේ 2 වන වගන්තිය අනුව පහත අවශ්‍යතා සපුරා තිබිය යුතුය.
•ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීමක් ලබා තිබීම.
•එම තනතුරේ සේවය ස්ථිර කර කර තිබීම.
•පහත සඳහන් දළ සේවා කාලයක් සපුරා තිබිය යුතුය.
I. රාජ්‍ය හා පලාත් රාජ්‍ය නිලධාරින් - මාස 120
II. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු - මාස 36
III. අභියාචනාධිකරණ විනිසුරු - මාස 36
IV. මහාධිකරණ විනිසුරු - මාස 84
V. අනිකුත් අධිකරණ නිලධාරින් - මාස 84
• විධිමත් පරිදි විශ්‍රාම ගැන්වීම.

විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයෙහි “ට’’ උපලේඛනයේ සඳහන් වූ ධූරයන්හි විශ්‍රාම ගැන්වීම.
•ජනාධිපති පෞද්ගලික ලේකම්.
•අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම්.
•විපක්ෂ නායක පෞද්ගලික ලේකම්.
•කථානායක පෞද්ගලික ලේකම්.
•කැබිනට් අමාත්‍ය පෞද්ගලික ලේකම්.
•ව්‍යාපෘති අමාත්‍ය පෞද්ගලික ලේකම්.
•දිස්ත්‍රික් අමාත්‍ය පෞද්ගලික ලේකම්.
•කැබිනට් අමාත්‍යවරුන්ගේ මහජන සම්බන්ධතා නිලධාරි.
•කැබිනට් අමාත්‍යවරුන්ගේ සම්බන්ධීකරණ නිලධාරි සඳහා
වසර 5 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇත්නම් විශ්‍රාම වැටුපකට හිමිකම් ලැබේ.

විශ්‍රාම ගැන්වීමේ විධිවිධාන
රාජ්‍ය නිලධාරියෙකුට, නිලධාරිනියකට පහත සඳහන් හේතුන් මත විශ්‍රාම යා හැක.
1.වයස සම්පූර්ණ වීම.
2.වෛකල්පිත විශ්‍රාම ගැන්වීම.
3.අනිවාර්ය විශ්‍රාම ගැන්වීම.
4.තනතුර අහෝසි කිරීම මත විශ්‍රාම ගැන්වීම.
5.වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වීම
6.අකාර්යක්ෂමතා මත විශ්‍රාම ගැන්වීම.
7.විෂමාචාර ක්‍රියාවක් මත ( විනය හේතු මත) විශ්‍රාම ගැන්වීම.
8.අංක 30/88 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ යටතේ විශ්‍රාම ගැන්විම.
9.විශ්‍රාම වැටුප් අවුරා තබා මණ්ඩයට හෝ සංස්ථාවකට ගොස් එම ආයතනයෙන් විශ්‍රාම ගැන්වීම.
10.හෙදියන් ගුරුවරියන් සඳහා (විශේෂ අවස්ථා)
11.අධිකරණ නිලධාරින්ගේ විශ්‍රාම ගැන්වීම.
12.තනතුර අහෝසි විම මත විශ්‍රාම ගැන්වීම.

1.වයස සම්පූර්ණ වීම.
වයස අවුරුදු 55 සම්පූර්ණ වූ පසු විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2:17 සහ 26 (IX) වගන්තිය අනුව.
2.වෛකල්පිත විශ්‍රාම ගැන්වීම.
වයස අවු. 55-60 අතරදී විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 17 සහ 26 ( IX ) වගන්තිය අනුව.
3.අනිවාර්ය විශ්‍රාම ගැන්වීම.
වයස අවු. 60 සම්පූර්ණ වීම මත විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 17 වගන්ති අනුව.
4.ධූරය අහෝසි වීම, තනතුර නැතිකිරීම දෙපාර්තමේන්තුව වසා දැමීම මත විශ්‍රාම ගැන්වීම.

විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 7 වගන්තිය අනුව.
•මාස 120 ක දළ සේවා කාලය සම්පූර්ණ වි තිබිය යුතුය.
•මාස 60 ක අතිරේක සේවා කාලයක් එකතු කරනු ලැබේ.
•විශ්‍රාම පාරිතෝෂිකය හා මාසික විශ්‍රාම වැටුප විශ්‍රාම ගැන්වූ දින සිට හිමිවේ.
•දෙපාර්තමේන්තුව වසා දමා සංස්ථාවක් බවට පත්කරන අවස්ථාවක සේවා කාලය මාස 96 ක් ඇත්නම්ද (තනතුර අහෝසිවන්නේ නම්) ඉතිරි මාස 24 එකී සංස්ථාවේ ද්වීතිය පදනම මත සේවය කළ හැක. ඒ සදහා වැටුපෙන් 25% දායක මුදල් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් වෙත ගෙවිය යුතුය.
•මාස 120 ක දළ සේවය නැතිවීම 50% ක ප්‍රසාද සේවා කාලය එකතු කර මාසික වැටුපෙන් 1/12 බැගින් ගනන් බැලූ පාරිතෝෂිකයකට හිමිකම් ලැබේ.

5. වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගැන්වීම.
විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 14 වගන්තිය අනුව.
යම් රාජ්‍ය සේවකයකු වෛද්‍ය මණ්ඩලයක නිර්දේශ මත තවදුරටත් සේවය කිරීම යෝග්‍ය නොවන විටදී මෙවැනි විශ්‍රාම ගැන්වීම් කරනු ලැබේ.

6. අකාර්යක්ෂමතාව මත විශ්‍රාම ගැන්වීම.
විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 15 වගන්ති අනුව.
විශ්‍රාම ගන්වන අවස්ථාවේදී හිමි වැටුප හා සේවා කාලය පදනම් කොට විශ්‍රාම වැටුප ගෙවනු ලබන්නේ රාජ්‍ය පරිපාලන ලේකම් විසින් තීන්දු කරනු ලබන දින සිටය

7. විෂමාචාර ක්‍රියාවන් මත ( විනය හේතු මත ) විශ්‍රාම ගැන්වීම.
විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 12 වගන්ති අනුව.
විශ්‍රාම ගන්නා අවස්ථාවේදී විනයානුකූලව කටයුතු කෙරෙන බවට සෑහීමට පත්වන විට විනය බලධාරියා විසින් විශ්‍රාම වැටුප් විෂයය භාර අමාත්‍යාංශයේ ලේකම් ගේ අනුමැතිය ලබා මෙවැනි විශ්‍රාම ගැන්විම් කරනු ලැබේ.විශ්‍රාම පාරිතේෂිකය හෝ මාසික විශ්‍රාම වැටුපක් පරීක්ෂණය අවසාන වනතෙක් ගෙවනු‍ නොලැබේ.

8.අංක 30/88 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ යටතේ විශ්‍රාම ගැන්වීම.
විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 14 වගන්ති අනුව.
සේවය වසර 20 සම්පූර්ණ කර ඇති යම් රාජ්‍ය සේවකයකුට විශ්‍රාම යාම සඳහා මනාපය පල කල හැක.
විශ්‍රාම වැටුප් සහ පාරිතෝෂිකය ලබා ගත හැක්කේ වයස අවු. 55 සම්පූර්ණ වූ විටය.

9. විශ්‍රාම වැටුප අවුරා තබා මණ්ඩලයට ‍හෝ සංස්ථාවකට ගොස් එම ආයතනයෙන් විශ්‍රාම ගැන්වීම.
විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 48(අ) වගන්තිය.
විශ්‍රාම වැටුප ගෙවනු ලබන්නේ රාජ්‍ය සංස්ථාවෙන් (විධිමත් පරිදි) ඉවත් වූ දින සිටය.

10. හෙදියන් හා ගුරුවරියන් සඳහා. ( විශේෂ අවස්ථා )
විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 14 වගන්තිය අනුව.
වයස අවු. 50 එල‍‍ඹෙන දිනය හෝ සේවා කාලය වසර 20 ක් සම්පූර්ණ වන දිනය හෝ යන දින දෙකෙන් පළමුව එළඹෙන දිනයේදී විශ්‍රාම යා හැක. විශ්‍රාම ගත්දින සිට විශ්‍රාම වැටුප ලැබේ.

11. අධිකරණ නිලධාරින්ගේ විශ්‍රාම ගැන්වීම.
විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 25 වගන්තිය අනුව.
•ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වයස අවු 65 දී
•අභියාචනාධිකරණ විනිසුරු වයස අවු 63 දී
•මහාධිකරණ විනිසුරු වයස අවු 61 දී විශ්‍රාම යා හැක.

12. තනතුර අහෝසි වීම මත විශ්‍රාම ගැන්වීම.
විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 7 වගන්තිය අනුව.
දෙපාර්තමේන්තුවක් වසා දැමීමේදී, සංස්ථාවක් බවට පත් කිරීමේදී තනතුර අහෝසි වීම මත විශ්‍රාම යන අවස්ථාවක. මාස 96 ක දළ සේවා කාලයක් ඇත්නම් ඉතිරි මාස 24 එකී සංස්ථාවේ ද්වීතීය පදනම මත සේව‍ය කලා සේ සළකා මාස 120 ක් ගණනය කර විශ්‍රාම වැටුපට හිමිකම ලබා දෙයි.

විමධ්‍ය ගත කළ විශ්‍රාම ගැන්වීම්
•අනිවාර්ය විශ්‍රාම ගැන්වීම
•වෛකල්පිත විශ්‍රාම ගැන්වීම
•වෛද්‍ය හේතු මත
•තනතුර අහෝසි වීම මත
•ගුරුවරියන් හා හෙදියන් වයස අවු: 50 හෝ සේවා කාලය අවු: 20 සම්පූර්ණ වීම.
•අධිකරණ නිලධාරීන් විශ්‍රාම යාම

ඉහත අවස්ථාවලදී විශ්‍රාම යාමට ඉදිරිපත් වන ආකාරය හා එවැනි අවස්ථාකදී විශ්‍රාම ගැන්වීමේ ක්‍රියාවලිය.
නිලධාරියා විසින් “ අ ” ආකෘති පත්‍රයේ I කොටස පිටපත් හයකින් සම්පූර්ණ කර ඉන් එකක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවටද පිටපත් 5 ක් තම සේවය කරන ආයතනයටද භාරදිය යුතුය.

• නිලධාරියා සේවය කරන ආයතනයෙන් විශ්‍රාම වැටුප් අයදුම්පත “අ” ආකෘතිය පිටපත් 4 කින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ‍වෙත ඉදිරිපත් කිරීම.
• විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විශ්‍රාම වැටුප් අංකයක් නිකුත් කරයි.
• පරිවර්තිත පාරිතෝෂිකයට අදාල චෙක්පත විශ්‍රාමිකයා වෙත ගෙවීම් කිරීම සඳහා අදාල ආයතන ප්‍රධානියා වෙත නිකුත් කරයි.
• ආයතන ප්‍රධානියා විසින් ප්‍රදාන පත්‍රය නිකුත් කර විශ්‍රාම වැටුප් ගොනුව (භාණ්ඩාගාර 140) සකස් කර විශ්‍රාමිකයා පදිංචි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යොමු කරයි.
• මේ අවස්ථාව වන විට අදාල බලධාරීයා විසින් නිලධාරියා විශ්‍රාම ගන්වා තිබිය යුතුය
• මාසික විශ්‍රාම වැටුප සකසා ගෙවීම් කටයුකු මාසිකව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් සිදු කරයි.
• විශ්‍රාම වැටුපෙහි සංශෝධනයක් සිදුවිය යුතු නම් විශ්‍රාමිකයා අවසාන වරට සේවය කල ආයතනයෙන් අදාල සංශෝධන ආකෘතිපත්‍ර විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමු කල යුතුය.
විමධ්‍ය ගත නොකළ අවස්ථා වලදී කළ යුතු ක්‍රියා මාර්ගය
නිලධාරියා විශ්‍රාම ගැන්විමට අදාල ලියවිලි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට එවිය යුතුය.

විශේෂ අවස්ථා.
විනය හේතු මත සහ අකාර්යක්ෂමතාව මත විශ්‍රාම ගැන්වීමේදී අදාල ලියවිලි ආයතන ප්‍රධානියා, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් මගින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත එවීමෙන් පසුව එහිදී ප්‍රදන පත්‍රය සකසා ගෙවීම් කටයුතු සඳහා ප්‍රාදේශිය ලේකම් වෙත යවයි.

විශ්‍රාම වැටුප් අහිමි වීම.
විශ්‍රාම වැටුප් හිමිකම් සඳහා සියළු හිමිකම් සපුරා ති‍බෙන්නේ වුවද එසේම විශ්‍රාම වැටුපක් ලබමින් සිටිනේ වුවද එවැන්නෙකු මරණිය දඩුවමක් හෝ බරපතල වැඩ ඇතිව කිනම් කාලයක වුවද බන්ධනාගාර ගත කර ඇත්නම් හෝ සුළු වැඩ සහිතව දොළොස් මසකට වැඩි කාලයකට බන්ධනාගාර ගත කර ඇත්නම් ඒ අයට විශ්‍රාම වැටුප් ගෙවීම නතර වේ.
පහත හේතු මත සේවය අවසන් වන නිලධාරින්ටද විශ්‍රාම වැටුප් අහිමිය.
• ඉල්ලා අස් වීම.
• සේවය අත්හැර යාම.
• සේවයෙන් පහ කරනු ලැබීම.

සිවිල් විශ්‍රාම වැටුප් ක්රමය යටතේ වන ප්‍රතිලාභ.
1) මාසික විශ්‍රාම වැටුප්.
2) පරිවර්තිත පාරිතෝෂිකය.
3) මරණ පාරිතෝෂිකය.
4) සේවා පාරිතෝෂිකය.
5) දෛනික සේවා පාරිතෝෂිකය.
6) කරුණාසහගත දීමනාව.
7) විශේෂ වන්දි.
8) වන්දි විශ්‍රාම වැටුප්.


  1. 01. මාසික විශ්‍රාම වැටුප.
    සිවිල් විශ්‍රාම වැටුපකට හිමිකම් ලබා විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ ඉහත සඳහන් හේතුවක් නිසා විශ්‍රාම ගන්නා රාජ්‍ය නිලධාරින්ට දැනට තිබෙන වැටුප් පරිමාණය පදනම් කර ගෙන සේවා කාලය ද සැලකිල්ලට ගෙන සකස් කරන ලද ප්‍රතිශත ක්‍රමයක් මත අඩු නොකළ හා අඩු කළ මාසික විශ්‍රාම වැටුප ගණනය කරනු ලැබේ.

    02. පරිවර්තිත පාරිතෝෂිකය.
    විශ්‍රාම වැටුප් ලබන්නා විසින් මනාපය පළ කළ හොත් ඔහුට හිමිවන අඩු නොකල මාසික විශ්‍රාම වැටුප මෙන් 24 ගුණයක මුදල පරිවර්තිත පාරිතෝෂිකය යි. මෙම පරිවර්තිත පාරිතෝෂික මුදල ලබා ගන්නා විශ්‍රාමිකයින්ට මුල් වසර 10 තුළ ගෙවනු ලබන්නේ අඩු කළ විශ්‍රාම වැටුපකි.

    03. මරණ පාරිතෝෂිකය.
    මරණ පාරිතෝෂිකය ලබා ගැනීමට සපුරාලිය යුතු කොන්දේසි.
    1) ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම.
    2) එම තනතුරේ ස්ථිර කර තිබීම.
    3) විශ්‍රාම වැටුප සඳහා ගණන් ගත හැකි ශුද්ධ සේවා කාලය මාස 60 ක් හෝ ඊට අධිකව තිබීම.
    4) සේවයේ යෙදී සිටියදී මිය යාම.

    මරණ පාරිතෝෂිකය යනු
    • යම් රාජ්‍ය සේවක‍යෙකුට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාමට පෙර කුමන හේතුවක් මත හෝ මියගියහොත් එවැනි සේවකයෙකු මියයන දිනය , විශ්‍රාම ගිය දිනය සේ සලකා එදිනට හිමි අඩු නොකල මාසික විශ්‍රාම වැටුප මෙන් 24 ගුණයක හෝ වාර්ෂිකව එම සේවකයා ලබමින් සිටි වැටුප යන දෙකින් වැඩි අගය මරණ පාරිතෝෂිකය වේ.
    • මරණ පාරිතෝෂික මුදල් ගෙවනු ලබන්නේ මිය ගිය අයගේ යැපෙන්නන්ටය.
    • රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 369 පරිදි ත්‍රස්තවාදී හේතුන් මත මිය ගිය රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් ඔවුන් සේවයේ ස්ථිර නොවුවා වුවද, සේවා කාලය මාස 60 සම්පූර්ණ නොකළා වුවද, එම අවශ්‍යතා නොසලකා මරණ පාරිතෝෂිකය ගෙවනු ලැබේ.
    • විවාහකයෙකු නම් වැන්දඹූ භාර්යාව හෝ වැන්දඹු ස්වාමිපුරුෂයාට අඩක් හිමි වන අතර, මිය ගිය අයගෙන් යැපුන අවිවාහක රැකියා විරහිත දරුවන් සඳහා ඉතිරි අඩ සම කොටස් වශයෙන් බෙදී යයි.
    • මියගිය අය අවිවාහක නම් එම නිලධාරියාගේ මව හා පියා අතර සම කොටස් වශයෙන් බෙදී යයි.
    • මව/ පියා ජීවත්ව නොමැති නම් අවිවාහක රැකියා විරහිත මියගිය අයගෙන් යැපුන සහෝදර/ සහෝදරියන් වෙත සම කොටස් වශයෙන් බෙදී යයි.

  2. 04. සේවා පාරිතෝෂිකය.
    සේවා පාරිතෝෂිකය යනු මාස 120 ක දළ සේවා කාලයක් සම්පූර්ණ නොකොට, ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීමක් ලබා තනතුරේ ස්ථිර කළ නිලධාරින්ට එකවර ගෙවනු ලබන දීමනාවකි. මෙය ගණනය කරනු ලබන්නේ සේවය කළ පූර්ණ මාසයක් වෙනුවෙන් අවසානයට ලැබූ මාසික වැටුපෙන් 1/12 බැගිනි.

  3. 05. දෛනික සේවා පාරිතෝෂිකය
    දෛනික සේවයේ මාස 120 ට වැඩි කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ගන්නා නිලධාරීන් වෙනුවෙන් ගෙවනු ලබන දීමනාවකි.

  4. 06. කරුණාසහගත දීමනා.
    • දෛනික සේවයේ මාස 120 ට අඩු සේවා කාලයක් සහිතව ඉවත්ව යන නිලධාරින් සම්බන්ධයෙන් ගෙවනු ලබන දීමනාවකි.
    • සේවය කරන ලද එක් එක් පූර්ණ මාසයක් වෙනුවෙන් 1/12 ක පදනම මත ගණනය කිරීම කරන අතර, උපරිමය රුපියල් තුන් දහසකි. ( 3000 කි )

  5. 07. විශේෂ වන්දි.
    • රජයේ නිලධාරියෙකු තම රාජකාරි සඳහා යන එන අතරතුර හෝ රාජකාරියේ යෙදී සිටියදී සිදුවන අනතුරු වලින් මිය ගිය හොත් හෝ පූර්ණ ආබාධිත වුවහොත් එසේ ආබාධිත වු අයට, මියගිය අයගේ යැපෙන්නන්ට ගෙවනු ලබන වන්දි මුදලකි. (මෙහිදී නිලධාරියාගේ නොසැලකිලිමත් භාවය මත අනතුර සිදු නොවූ බව පැහැදිලි විය යුතුය.)
    1993.09.21 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/93 මේ සඳහා බලපැවැත්වේ
    • නිළධාරියා පූර්ණ ආබාධිත නම් නිළධාරියාට, නිළධාරියා මිය ගියේ නම් නිළධාරියාගේ යැපෙන්නන්ට විශේෂ වන්දි මුදල ගෙවනු ලබයි.
    මිය ගිය අය අවිවාහක නම්.
    මවට හා පියාට සමසේ බෙදා ගෙවනු ලැබේ. මව්පියන් දෙදෙනාම මිය ගොස් ඇත්නම්, අවිවාහක රැකියා විරහිත සහෝදර සහෝදරියන් අතර සමසේ බෙදා ගෙවනු ලැබේ.
    මිය ගිය අය විවාහක නම්.
    වැන්දඹු බිරිඳට/ වැන්දඹු පුරුෂයාට අඩක් හා මිය ගිය අයගේ යැපුන අවිවාහක දරුවන් අතර ඉතිරි අඩ සමසේ බෙදා ගෙවනු ලැබේ.
    දරුවෝ බාල වයස්කාර නම්.
    බාල වයස්කාර දරුවන්ගේ මුදල් වැන්දඹු බිරිඳට/ වැන්දඹු පුරුෂයාට ගෙවනු නොලැබේ. එම මුදල් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ස්ථාවර තැන්පත් ගිණුමක් ආරම්භ කර අදාල ආයතනයේ භාරකාරත්වය යටතේ පාස් පොත් තබා ගත යුතුය.
    එම මුදල් නිදහස් කර ගැනීම.
    දරුවන්ගේ වයස් සම්පූර්ණ වූ පසු එනම් පිරිමි දරුවන්ගේ වයස අවුරුදු 18 ද, ගැහැණු දරුවන්ගේ වයස අවුරුදු 21 ද ඉක්මවූ පසු අදාල ආයතනයෙන් ඉල්ලීම් කළ යුතු වේ.
    රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 21/88 යටතේ වාසි ලැබූ අයට ( ත්‍රස්තවාදී හේතු වලින් මියගිය ) මෙම විශේෂ වන්දි ප්‍රදානය ලබා ගත නොහැක.

    08. වන්දි විශ්‍රාම වැටුප.
    රජයේ නිළධාරියෙකු තම රාජකාරි කටයුතු සඳහා යන එන අතරතුර හෝ රාජකාරියේ යෙදී සිටියදී සිදුවන අනතුරු වලින් පූර්ණ ආබාධිත වූ විට හෝ අනතුරින් මිය ගිය විට යැපෙන්නන්ට මාසිකව ගෙවනු ලබන විශ්‍රාම වැටුපකි. ( මෙහිදී නිළධාරියාගේ නොසැලකිලිමත්භාවය මත අනතුර සිදු නොවූ බව පැහැදිලි විය යුතු වේ.)
    •නිළධාරියා අවුරුදු 55 දක්වා සේවය කලා සේ සළකා ඔහු අනතුරට පත්වන විට හිමිව තිබූ වැටුප් පරිමාණයේ ඔහු අවුරුදු 55 ලබන වාර්ෂික වැටුපෙන් 10/60 ක් හා විශ්‍රාමිකයන් සඳහා දෙනු ලබන අනෙකුත් දීමනා සමඟ වන්දි විශ්‍රාම වැටුප ගෙවනු ලැබේ.
    •දරුවන් සිටී නම්, ඔවුන්ගෙන් 18 ට අඩු පිරිමි දරුවන් හා අවුරුදු 21 ට අඩු ගැහැණු දරුවන් සඳහා ඉහත 10/60 ප්‍රමාණයෙන් එක් එක් ළමයෙකු සඳහා 1/8 බැගින් වූ මුදලක්ද ලබා ගත හැක.
    •නිළධාරින්ගෙන් රජයට අය විය යුතු මුදලක් වේ නම් එය එම වන්දි විශ්‍රාම වැටුපෙන් අය කර ගත හැකි වේ.
    •වන්දි විශ්‍රාම වැටුප මිය ගිය අයගේ යැපෙන්නන්ට ගෙවනු ලැබේ.
    •මිය ගිය අය අවිවාහක නම්,වන්දි විශ්‍රාම වැටුප මවට පමණක් ප්‍රදානය කරනු ලැබේ.
    •මිය ගිය අය විවාහක නම්,වැන්දඹු බිරිදට/ වැන්දඹු පුරුෂයාට අවුරුදු 18 ට අඩු පිරිමි දරුවන්ට, අවුරුදු 21 ට අඩු ගැහැණු දරුවන්ට ඉහත සඳහන් අනුපාතය අනුව ගෙවනු ලැබේ.
    •දරුවෝ බාල වයස්කාර නම්, නිළධාරියා මිය ගිය දිනයට පසු දින සිට ගෙවීම් ඇරඹිය යුතු වේ. ගෙවීම ප්‍රමාද වුවහොත් මිය ගිය දින සිට ගෙවීම් ඇරඹෙන දින තෙක් බාල වයස්කාර දරුවන්ගේ කොටස් මුදල අදාල ආයතනයේ භාරකාරත්වය යටතේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ස්ථාවර ගිණුමක තැන්පත් කළ යුතුවේ.
    •ගෙවීම අරඹන දින සිට, දරුවන්ගේ කොටස්ද වැන්දඹු බිරිදට / වැන්දඹු ස්වාමිපුරුෂයාට ගෙවිය යුතු වේ.
    •පිරිමි ළමුන්ට අවුරුදු 18 ද, ගැහැණු ළමුන්ට අවුරුදු 21 ද වයස් පිරුණු පසු අදාල ආයතනය මඟින් තැන්පත් ගිණුම් නිදහස් කළ යුතුය.
    •රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 21/88 යටතේ අවුරුදු 55 තෙක් වැටුප් ලබන අයට (ත්‍රස්තවාදි හේතු වලින් මියගිය) මෙම වන්දි විශ්‍රාම වැටුප් වැටුප ලබා ගත නොහැක.

    2019 වර්ෂයේ මාසික විශ්‍රාම වැටුප් පහත සඳහන් දිනයන්හී ගෙවීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

මාසය

දිනය

ජනවාරි

 07

පෙබරවාරි

 07

මාර්තු

 07

අප්‍රේල්

 08

මැයි

 07

ජුනි

 07

ජූලි

 08

අගෝස්තු

 07

සැප්තැම්බර්

 06

ඔක්තෝබර්

 07

නොවැම්බර්

 07

දෙසැම්බර්

 06

පුවත් සහ සිදුවීම්

11
සැප්2025
නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය  - 2025

නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය - 2025

ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තු ප්‍රතිපාදන යටතේ ඌවපරණගම ප්‍රාදේශීය...

28
අගෝ2025
ඌව පළාත් ව්‍යවසාය සම්මාන ප්‍රධානොත්සවය - 2025

ඌව පළාත් ව්‍යවසාය සම්මාන ප්‍රධානොත්සවය - 2025

ජාතිත ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හා ඌව පළාත්...

Scroll To Top