
ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තු ප්‍රතිපාදන යටතේ ඌවපරණගම ප්‍රාදේශීය ලේකමි කාර්යාලයේ මෙහෙයවීමෙන් අඩු ආදායම් ලාභින් සදහා නිවාස ඉදිකිරීමේ වැඩසටහන වෑතලාව ග්‍රාම නිලධාරි වසමෙන් ආරම්භ කරන ලදී.
එක් නිවාසයක් වෙනුවෙන් ලක්ෂ 08 ක ප්‍රතිපාදනයක් වෙන් කර ඇත.


ජාතිත ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හා ඌව පළාත් වාණිජ මණ්ඩලය ඒකාබද්ධව ක්ෂද්‍ර, කුඩා, මධ්‍යම හා මහා පරිමාණ ව්‍යවසාය කාණ්ඩයන් සඳහා පහත ක්ෂෙත්‍ර ඔස්සේ මෙවර ඌව පළාත් ව්‍යවසාය සම්මාන ප්‍රධානෝත්සවය මෙවර පවත්වනු ලැබේ.
- 1. කර්මාන්ත හා නිෂ්පාදන අංශය
- 2. කෘෂිකාර්මික හා පශු සම්පත් අංශය
- 3. සේවා අංශය
මීට අමතරව,
ඌව පළාත් විශිෂ්ඨතම ව්‍යවසායකයා - 2025
විශිෂ්ඨතම කාන්තා ව්‍යවසායකයා - 2025
විශිෂ්ඨතම තරුණ ව්‍යවසායකයා - 2025 (අවු. 40 ට අඩු)
විශේෂ අවශ්‍යතා සහිත විශිෂ්ඨතම ව්‍යවසායකයා - 2025 ද තෝරනු ලැබේ.
මේ සඳහා, ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඔබත් අයදුම් කිරීමට කැමති නම් අයදුම්පත් 2025/09/01 දින සිට ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගන්න. (නිල අත්සන් යෙදූ අයදුම්පත් පමණක් වලංගුවේ.)

2025 ග්‍රාම සංවර්ධනය දෙපාර්තමේන්තුව ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන ලදී සංවර්ධන කටයුතු සාර්ථකව නිම කිරිමට උපදෙස් ලබාදුන් ප්‍රාදේශීය ලේකම්තුමා,සැලසුම් අද්‍යක්ෂකතුමා,තාක්ෂණික නිලධාරින්, කැටගොඩ ,උණපාන,ඉහල කොටවර ,බලගල වසම්වල සංවර්ධන නිලධාරින් සියලු දෙනාට බෙහෙවින් ස්තුතියි . ග්‍රාම සංවර්ධනය නිලධාරි.




















