ඉඩම් පරිපාලනය
මහජනතාව උදෙසා රජයකින් ඉටු විය යුතු රාජකාරී අතුරින් සුවිශේෂ ස්ථානයක් ඉඩම් රාජකාරී සඳහා හිමි වේ. ග්‍රාමීය මට්ටමේ ග්‍රාම නිලධාරී, ඉඩම් නිලධාරීන් හා සම්බන්ධ වී ප්‍රාදේශීය ලේකම් විසින් මෙම කොට්ඨාශයේ නිශ්චිත ක්‍රමවේදයක් මත නීත්‍යානුකූල මට්ටමින් ඉඩම් රාජකාරී ඉටු කරයි. ඉඩම් රාජකාරී මනා අවධානයකින් යුතුව ඉටු කල යුතු අතර, අදාළ කාර්ය මණ්ඩලය ඒ පිළිබඳව මනා පරිචයන් ලබා ගත යුතුය. මේ සඳහා පරිශීලනය කල යුතු විවිධ ඉඩම් අනපණත් ඉඩම් කාර්ය සංග්‍රහය උපයෝගි කර ගනු ලැබේ.
ඉඩම් රාජකාරී සඳහා යොදා ගන්නා ප්‍රධාන අණපනත්:-
- 1935 අංක19 දරණ ඉඩම් සංවර්ධන ආඥා පණත ( 1969/16,1981/27,1993/22,1995/09,1996/20 සංශෝධනය කරන ලදි )
- 1947 අංක 08 දරණ රජයේ ඉඩම් ආඥා පණත
- 1950 අංක 09 දරණ රජයේ ඉඩම් අත්පත් කර ගැනීමේ පණත ( 1954/39.1955/22,1961/60,1964/05,1964/28 මගින් සංශෝධනය කෙරිණි )
- 1972 අංක 01 දරණ ඉඩම් ප්‍රතිසංස්තරණ පණත ( 1975/35 මගින් සංශෝධිතයි )
- 1979 අංක 07 දරණ රජයේ ඉඩම් ( සන්තකය ආපසු ලබා ගැනීමේ ) පණත. ( 1981/58.1983/29,1987/50,1997/29 මගින් සංශෝධනය කරන ලදි.)
- 1979 අංක 43 දරණ ඉඩම් ප්‍රදාන ( විශේෂ විධිවිධාන ) පණත
- ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පණත
මෙම අංශයෙන් පහක රාජකාරි ඉටුවේ
ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ඉඩම් බැහැර කිරීම
ශ්‍රී ලංකාවේ ගොවි පන්තිය, අඩු ආදායම් පන්තිය, වැඩි ආදායම් පන්තිය හා උගත් තරුණයන් යන පංති වලට අයත් පුද්ගලයන් කෘෂිකාර්මික කටයුත්තක් හෝ පදිංචිය සඳහා නිවසක් ඉදිකර ගැනීමට හෝ එම කාරණා දෙකටම ඉඩම් ලබාදීම මේ මගින් සිදු කෙරේ. ඉන් බැහැර කරeණු සඳහා මෙම පනත යටතේ ඉඩම් ලබා නොදේ.
ඉඩම් ප්‍රධාන විශේෂ විධිවිධාන පනත යටතේ ඉඩම් බැහැර කිරීම
ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩමක් ගොවි පංතියේ පුද්ගලයන් වෙත කෘෂිකාර්මික කටයුත්තක් හෝ පදිංචිය සඳහා නිවසක් ඉදිකර ගැනීම හෝ එම කාරණා දෙකටම මෙම නීතිය යටතේ ඉඩම් ලබාදේ. වෙනත් කිසිදු කරeණක් සඳහා මෙම නීතිය යටතේ ඉඩම් ලබා නොදේ.
බැහැර කරන ලද රජයේ ඉඩම් සඳහා නීත්‍යාණුකූල අයිතිවාසිකම් ලියවිලි නිකුත් කිරීම.
රන්බිම දීමනාපත්‍ර ලබාදීම
ඉඩම් සංවර්ධන ආඥා පනතේ 19(4) වගන්තිය යටතේ අවසරපත්‍රයක් ලැබූ තැනැත්තෙකුට ඒ සඳහා අවසරපත්‍රකරe ඉඩම හොඳින් සංවර්ධනය කර තිබිය යුතු අතර, රජයට ගෙවිය යුතු ගාස්තු අතින් ගෙවීමෙන් පසු ලබාගත හැක. මෙම ලියවිල්ල සකස් කරනු ලබන්නේ ඉඩම් පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම් විසිනි. ඉන්පසු එය ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත එවූ පසු හරි වැරදි බලා ජනාධිපතිවරයාගේ අත්සන ලබාගෙන ආපසු ප්‍රාදේශීය ලේකම් මගින් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි කර, මුල් පිටපත අවසරපත්‍ර ලාභියාට භාරදීම.
මධ්‍යම පංතික දීමනා පත්‍ර
ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ වැඩි අදායම් තත්වයේ පුද්ගලයන්ට ලබාදුන් ඉඩම් සඳහා මෙම දීමනාපත්‍ර ලබාදේ. මෙම ව්‍යාපෘතිය මගින් අක්කර 5ට වඩා වැඩි ඉඩම් කොටස් ලබාදි ඇති අතර, දීමනාපත්‍රය ලබාගැනීම සඳහා රජය වෙත ගාස්තු ගෙවා අවසන්ව තිබිය යුතු අතර, ඉඩම හොඳින් සංවර්ධනය කර තිබය යුතුය.
ඉඩම් නිකුත් කිරීමේ ආඥා පනත යටතේ වූ නිදහස් දිමනා පත්‍රය.
මෙම දීමනාපත්‍රය නිකුත් කරනුයේ ඉඩම් නිදහස් කිරීමේ ආඥා පනත යටතේය. මෙම ඉඩම් රජයට ලබා ගැනීමට වැයවූ මුදල හා පොලිය හිමිකරe හෝ ඔහුගේ උරeමකරeවන් රජයට ගෙවූ පසු කිසිදු කොන්දේසියකින් තොරව නිදහස් දීමනාපත්‍රයක් ලෙස ලබාගත හැක.
දීර්ඝකාලීන බදු බලපත්‍ර ලබාදීම
1947 අංක 8 දරණ රජයේ ඉඩම් ආඥා පනත යටතේ බදු බලපත්‍ර ලබාදේ. නේවාසික, කෘෂිකාර්මික හා වාණිජ අරමුණු උදෙසා වසර 30ක කාලයකට පුද්ගලයන්ට හා ආයතන වලට දීර්ඝකාලීන බදු ලබා දේ. විශේෂ ව්‍යාපෘති වෙනුවෙන් බදු කාලය වසර 50 දක්වා දිගු කල හැක. මුල් බදු කාලයේ සාර්ථකත්වය මත නැවත බදු කාලය දීර්ඝ කල හැක. මෙම බලපත්‍ර ඉඩම් කොමසාරිස් ගේ පූර්ව අනුමැතිය ලබා ගෙන පැවරීම හා උගස් කිරීම සිදුකල හැක
රජයේ ඉඩම් ආඥාපනත යටතේ දීමනා පත්‍ර නිකුත් කිරීම
නේවාසිකව බදු දී ඇති ඉඩම් සඳහා එහි සාර්ථකත්වය සලකා, ඉඩමේ නොදියුනු වටිනාකම අයකර, දීමනා පත්‍රයක් නිකුත් කිරීම සිදුකල හැක. එම දීමනා පත්‍රය නිකුත් කිරීමෙන් පසු ඉඩමේ පූර්ණ අයිතිය පුද්ගලයාට ඉඩම හිමිවේ.
රජයේ ඉඩම් ආඥාපනත යටතේ විශේෂ දීමනා පත්‍ර
විශේෂ හේතූන් මත අතිගරe ජනාධිපතිතුමාගේ අනුමැතිය ලබා දීමනා පත්‍ර නිකුත් කල හැක. මෙහිදී මුදල් අය නොකෙරේ. රජයේ විශේෂ සමාජමය ව්‍යාපෘති වෙනුවෙන් විවිධ රාජ්‍යමය ආයතන සඳහා ඉඩම් ලබාදීම හා රජයට අතිපත් කරගත් පුද්ගලික ඉඩම් වෙනුවෙන් වන්දි ලබා නොගන්නා අයට විකල්ප ඉඩම් ලබාදීම උදාහරණවේ.
රජයේ ඉඩම් ආඥාපනත යටතේ පූජා ඔප්පුවක් ලබාදීම
පන්සල් වෙනුවෙන් ලබාදේ. පළමුව දායක සභාව සඳහා ප්‍රාරම්භක බදුකරයක් ලබාදේ. දෙවෙනුව විහාරාධිපති ස්වාමීන්වහන්සේට හා ශිෂානුශිෂ්‍ය පරම්පරාවට නිදහස් දීමනා පත්‍රයක් ලබාදේ.
රජයේ ඉඩම් ආඥාපනත යටතේ පැවරුම් නියෝග
ත්‍රිවිධ හමුදාව හා පළාත් පාලන ආයතන සඳහා ඉඩම් පැවරීමක් සිදුකරයි. ඒ සඳහා පැවරeම් නියෝග සකස් කළ යුතුයි.
රජයේ ඉඩම් ආඥාපනත යටතේ ඉඩම් නිදහස් කිරීම
රාජ්‍ය දෙපාර්තමේන්තු ෙවත ඉඩම් ලබාදීමේ දී ඉඩම් නිදහස් කිරීමේ සහතික පත්‍රයක් ලබාදේ.
ඉඩම් ආදායම් රැස් කිරීම හා ගිණුම්ගත කිරීම
බදු ගෙවීම් පැහැර හරින්නන් සම්බන්ධව නීතිමය කටයුතු සිදුකර, හිඟ බදු අයකර ගැනීමට කටයුතු කිරීම හා නව බදුදීම් සිදුකල හැකි අවස්ථා හඳුනා ගැනීම ද මෙහි දී සිදු කෙරේ.
ජංගම සේවාවන්
මෙහිදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් හඳුනා ගන්නා ගැටළු වලින් එවේලේම විසඳුම් ලබාදිමට හැකි ගැටළු වලට විසඳුම් ලබාදිම. ඉඩම් වල අයිතිය තහවරු කර ගැනීම සඳහා බලපත්‍ර ලබාදීම වැනි විසඳුම් ලබාදීමද සිදු කෙරේ.
ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේලබාදුන් දීමනාපත්‍ර ඉඩමක් පැවරීම සඳහා අවශ්‍ය ලේඛන
- දීමනාපත්‍රකරුගේ ඉල්ලිම් ලිපිය
- දීමනාපත්‍රයේ මුල් පිටපත සහ ඡායා පිටපත
- මාස 3 ක් ඇතුලතදී ලබා ගත් පත්ඉරු වාර්තාවක්
- දීමනාපත්‍රකරුගේ කලත්‍රයාගේ සහ අවුරුදු 18 ට වැඩි දරුවන්ගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය
- ඉඩම පැවරීමෙන් දීමනාපත්‍රකරු හෝ පවුල් ඒකකය අනාථ භාවයට පත් නොවන බවට ග්‍රාම නිලධාරි සහතිකය
- දීමනාපත්‍රකරු සතුව දැනට ඇති වෙනත් ඉඩමක පත්ඉරු වාර්තාව
- පැවරුම්ලාභියාගේ උප්පැන්න සහතිකය සහ ලේ ඥාතිත්වය තහවුරු කිරිම සඳහා අදාල වන පරිදි උප්පැන්න විවාහ, මරණ සහතික
ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේලබාදුන් දීමනාපත්‍ර ඉඩමක පසු උරුමය නම් කිරිම
- දීමනාපත්‍රකරුගේ ඉල්ලිම් ලිපිය
- දීමනාපත්‍රයේ මුල් පිටපත සහ ඡායා පිටපත
- මාස 3 ක් ඇතුලතදී ලබා ගත් පත්ඉරු වාර්තාවක්
- පසු උරුමකරුගේ උප්පැන්න සහතිකය
ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේලබාදුන් දීමනාපත්‍ර ඉඩමක මුල් අයිතිය ලබා ගැනීම
- මුල් අයිතිය ඉල්ලන අයගේ ඉල්ලිම් ලිපිය
- දීමනාපත්‍රයේ මුල් පිටපත සහ ඡායා පිටපත
- මාස 3 ක් ඇතුලතදී ලබා ගත් පත්ඉරු වාර්තාවක්
- දීමනාපත්‍රකරුගේ මරණ සහතිකය
- මුල් අයිතිය ඉල්ලන අයගේ උප්පැන්න සහතිකය
- මුල් අයිතිය ඉල්ලන්නේ දරුවෙකු නම් දීමනාපත්‍රකරුගේ කලත්‍රයාගේ මරණ සහතිකය / මුල් අයිතිය ඉල්ලන්නේ කලත්‍රයා නම් දිමනාපත්‍රකරුගේ විවාහ සහතිකය
ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේලබාදුන් දීමනාපත්‍ර ඉඩමක ජීවිත භුක්තිය ලබා ගැනීම
- ජීවිත භුක්තිය ඉල්ලන අයගේ ඉල්ලිම් ලිපිය
- දීමනාපත්‍රයේ මුල් පිටපත සහ ඡායා පිටපත
- මාස 3 ක් ඇතුලතදී ලබා ගත් පත්ඉරු වාර්තාවක්
- දීමනාපත්‍රකරුගේ මරණ සහතිකය
- ජීවිත භුක්තිය ඉල්ලන අයගේ උප්පැන්න සහතිකය සහ විවාහ සහතිකය
ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේලබාදුන් දීමනාපත්‍ර ඉඩමක් ඇපයට තැබීම
- දීමනාපත්‍රකරුගේ ඉල්ලිම් ලිපිය
- දීමනාපත්‍රයේ මුල් පිටපත සහ ඡායා පිටපත
- මාස 3 ක් ඇතුලතදී ලබා ගත් පත්ඉරු වාර්තාවක්
- ඇපයට තැබිමට බලාපොරොත්තු වන ආයතනයේ ලිපියක් (ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති විසින් අනුමත කර ඇති ආයතනයක)
දීර්ඝ කාලීන බදු - කාර්යය පරිපාටිය
- දීර්ඝ කාලීන බදු දීමේ ක්‍රියාවලිය
01. විසිරි ඉඩම් කච්චේරියක් මඟින් දීර්ඝ කාලීන බදු පදනම මත ඔප්පු ලබා දීම සඳහා නිර්දේශ කරන ලද අයදුම්කරුවන්ගේ නාමලේඛනය අනුව නිර්දේශයට පළාත් ඉඩම් කොමසාරිස් වෙත යැවීම සඳහා අදාළ වාර්තා ලබා ගැනීම
I. අයදුම්කරුගේ ඉල්ලීම් ලිපිය
II. තත්ත්ව වාර්තාව ( ඇමුණුම 1 ආකෘතිය අනුව ඉඩම් කොටස අයත් ග්‍රාම නිලධාරි වසමේ ග්‍රාම නිලධාරි වෙතින් පිටපත් 04 කින් ලබා ගත යුතුය.)
III. අනුරේඛනය ( ඇමුණුම 2 හි සඳහන් ආකෘතිය මඟින් මැනුම් නියෝග ලේඛනයෙන් අංකයක් ලබා ගෙන පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කච්චේරි මිනින්දෝරු වෙත මැනුම් නියෝගයක් යැවිය යුතුය.)
IV. පලාත් පාලන ආයතනයේ එකඟතාවය ( ඉඩම් කොටස නගර සභා සීමාවේ නම් නගර සභාවේ එකඟතාවය ද, ප්‍රාදේශීය සභා සීමාවේ නම් ප්‍රාදේශීය සභාවේ එකඟතාවය ලබා ගත යුතුය)
V. 19 පරිශිෂ්ඨය ( ඇමුණුම 3)
VI. 17 පරිශිෂ්ඨය (ඇමුණුම 4)
VII. බදු ගෙවන බවට දිවුරුම් ප්‍රකාශය (ඇමුණුම 5)
VIII. 21 (2) නිවේදනය ( ඇමුණුම 6)
02. ඉහත දක්වා ඇති සියළුම ලේඛන පිටපත් 03 කින් යුතුව පළාත් ඉඩම් කොමසාරිස් වෙත යොමු කිරීම. මෙහිදී සියලුම ලේඛන නිවැරදිව සම්පූර්ණ කර තිබිය යුතුය.
03. පළාත් ඉඩම් කොමසාරිස් , ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත ඉහත ලේඛන යොමු කර දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දීම අනුමත වූ පසු ඒ බව ප්‍රාදේශීය ලේකම් වෙත දැනුම් දෙනු ලැබේ.
04. ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ අනුමත ලිපිය අනුව,
- I. පිඹුරු පත ලබා ගැනීම සඳහා ආ.ඒ.අ. 8 ආකෘතිය (ඇමුණුම 7) මඟින් මැනුම් නියෝගයක් පිටපත් දෙකකින් යුතුව දිස්ත්‍රික් මැනුම් අධිකාරී වෙත යොමු කළ යුතුය. ආවරණ ලිපියේ පිටපත් ඉඩම් කොමසාරිස් ජනරාල්, පළාත් ඉඩම් කොමසාරිස්, බදුකරු වෙත යුවිය යුතුය.
සැ.යු. : මෙහිදී ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ අනුමත ලිපියේ පිටපතක් සහතික කර යැවිය යුතුය
II. පිඹුරු පත සකස් කිරීමට අදාළ මැනුම් ගාස්තු ගෙවන ලෙස දිස්ත්‍රික් මිනින්දෝරු විසින් දැන්වූ පසු අදාළ මැනුම් ගාස්තු ගෙවන ලෙස බදුකරුට දැන්වීම
III. පිඹුරුපත ලද පසු,
ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ ලිපියේ සඳහන් කර ඇති බදු දීම අනුමත කර ඇති වර්ෂයට අදාළ තක්සේරු වාර්තාව ලබා ගැනීමට ප්‍රධාන තක්සේරු වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීම. ආවරණ ලිපියේ පිටපත් ඉඩම් කොමසාරිස් ජනරාල්, පළාත් ඉඩම් කොමසාරිස්, බදුකරු වෙත යැවිය යුතුය.
සැ.යු. : මෙහිදී ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ අනුමත ලිපියේ පිටපතක් සහ පිඹුරු පිටපතක් සහතික කර යැවිය යුතුය
- IV. බදු රේඛා චිත්‍රය ලබා ගැනීම සඳහා ආ.ඒ.ඒ. 118 ආකෘතිය (ඇමුණුම 8) මඟින් පිටපත් දෙකකින් යුතුව දිස්ත්‍රික් මැනුම් අධිකාරී වෙත යොමු කළ යුතුය. එක් පිටපතක් ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත යොමු කළ යුතුය.
සැ.යු. : මෙහිදී ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ අනුමත ලිපියේ පිටපතක් සහතික කර යැවිය යුතුය
- V. බදු රේඛා චිත්‍රය සකස් කිරීමට අදාළ ගාස්තු ගෙවන ලෙස දිස්ත්‍රික් මිනින්දෝරු අධිකාරි විසින් දැන්වූ පසු අදාළ ගාස්තු ගෙවන ලෙස බදුකරුට දැන්වීම
- VI. තක්සේරු වාර්තාව ලද පසු,
ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ ලිපියේ දැක්වෙන පරිදි, ඉඩම බදු දීම අනුමත වූ වර්ෂයේ සිට වර්තමානයේ බදු ගණනය කරන වර්ෂය දක්වා අදාළ වාර්ෂික බදු මුදල් හා වාර මුදල / දඩ මුදල ගණනය කර ජනපද නිලධාරි වෙත නිවැරදිභාවය පරීක්ෂා කිරීමට ඉදිරිපත් කර, පසුව සහකාර ප්‍රාදේශීය ලේකම් වෙත අනුමැතියට ඉදිරිපත් කිරීම.
VII. අනුමැතිය ලද පසු බදු ගිවිසුම මඟින් බදු මුදල් ගෙවන ලෙස බදුකරුට දැන්වීම (ආදර්ශයක් ඇමුණුම 9 මඟින් අමුණා ඇත) පිටපතක් ග්‍රම නිලධාරි වෙතද යොමු කළ යුතුය.
VIII. බදු මුදල් ගෙවන ලද ලදුපතේ සහතික කළ පිටපතක් දීර්ඝ කාලීන බදු ගොනුවේ ඇතුළත් කිරීම
IX. බදු මුදල් ගෙවූ පසු ඇමුණුම 10 මඟින් නිරවුල් භුක්තිය භාර දෙන ලෙස ග්‍රාම නිළධාරි වෙත දැනුවීම
X. භුක්තිය භාර දුන් පසු, පළාත් ඉඩම් කොමසාරිස් මඟින්, ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත බදු මුදල් ගෙවන ලද ලදුපතේ සහතික කළ පිටපතක්, තක්සේරු වාර්තාවේ සහතික කළ පිටපතක් සමඟ ඉඩමේ නිරවුල් භුක්ති භාර දුන් දිනය දන්වා යැවීම.
XI. බදු රේඛා චිත්‍රය ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත යැවූ බව දිස්ත්‍රික් මිනින්දෝරු අධිකාරී දන්වා එවන ලිපිය ගොනුවට ඇතුළත් කිරීම. මෙහි බදු රේඛා චිත්‍ර අංකය ඉතා වැදගත් වේ.
05. ඉඩම් කොමසාරිස් ජනරාල් විසින් බදුකරයේ කෙටුම්පතක් සකස් කර පිටපත් 4 කින් යුක්තව එය ප්‍රතිශෝධනය සඳහා එවනු ලැබූ පසු, බදුකරයේ නිවැරදිභාවය පරීක්ෂා කර බදුකරු, ගෙන්වා බදුකර පිටපත් වල නියමිත ස්ථානයන්හි ඔහුගේ අත්සන, ජාතික හැදුනුම්පත්අංකය සහ නිකුත් කළ දිනය යොදා. සාක්සිකරුවන් දෙදෙනෙකුගේ අත්සන් නිල මුද්‍රාව සහිතව නැවත ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත යොමු කිරීම.
06. බදු ඔප්පුව ලද පසු ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි කර මුල් පිටපත බදුකරුට ලබා දිය යුතුය. අනු පිටපත බදුකර ගොනුවේ අමුණා තැබිය යුතුය. බදුකරයේ සහතික කළ පිටපතක් පළාත් ඉඩම් කොමසාරිස් වෙතද, බදුකරු නමින් පවත්වාගෙන යන ගොනුවේ අමුණා තැබිය යුතුය.
07. ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ චක්‍රලේඛ අංක 96/05 අනුව ලෙජර පිටපතක් සකස් කර ලෙජර පිටපත් ගොනුවේ ගොනු කළ යුතුය.
08. බදුකරයේ බදු ගෙවන ලෙස නියම කර ඇති දිනට මසකටවත් පෙර බදු ගෙවන ලෙස දන්වා බදුකරු වෙත ලිපියක් යැවිය යුතුය.
09. බදු ගෙවූ ලදුපතේ සහතික කළ පිටපතක් බදුකරු නමින් පවත්වාගෙන යන ගොනුවේ අමුණා තැබිය යුතුය.
10. අදාළ ලෙජර පිටපතෙහි බදු ගෙවූ බව සඳහන් කර විෂය ලිපිකරු අත්සන් කර මාණ්ඩලික නිලධාරිගේ අත්සන ලබා ගැනීම.
11. බදු ගෙවූ පසු බදු ගෙවන්නන්ගේ නාම ලේඛනයේ ඇතුළත් කළ යුතුය.
12. මාසිකව බදු අය කර ඇති ප්‍රමාණය ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත දන්වා යැවිය යුතුය.
13. බදු අයකිරීම සම්බන්දව ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ චක්‍රලේඛ අංක 96/05 අධ්‍යනය කර කටයුතු කළ යුතුය.
ඉඩම් රාජකාරී සම්බන්ධයෙන් ඔබ හමු විය යුතු රාජ්‍ය නිලධාරීන් වන්නේ,
ප්‍රාදේශීය ලේකම්,
සහකාර ප්‍රාදේශීය ලේකම්,
ජනපද නිලධාරී,
ග්‍රාම නිලධාරී















