බලපත්‍ර /අවසර පත්‍ර නිකුත් කිරීම
- ඉඩම් සංවර්ධන බලපත්‍ර
- දිගු කාලීන බදු ඉඩම් බලපත්‍ර
- විහාරස්ථාන ප්‍රාරම්භක බදු බලපත්‍ර
- වාර්ශික ඉඩම් අවසර පත්‍ර
- දැව හෙලීම් බලපත්‍ර
- දැව ප්‍රවාහන බලපත්‍ර
- ලී බඩු ප්‍රවාහන බලපත්‍ර
- සතුන් ප්‍රවාහන බලපත්‍ර
- අලි ඇතුන් පෙරහැරේ ගෙන යාමට බලපත්‍ර
- වැලි ගොඩ දැමීමේ බලපත්‍ර
- කළු ගල් කැඩීමේ බලපත්‍ර
- පුපුරන ද්‍රව්‍ය නිකුත් කිරීමේ බලපත්‍ර
- තුවක්කු බලපත්‍ර
- මී රා බලපත්‍ර
- සුරා බදු බලපත්‍ර
- වාහන ආදායම් බලපත්‍ර
- රිය පැදවීම් බලපත්‍ර
- විදේශ ගමන් බලගපත්‍ර
- විශ්‍රාමික දුම්රිය බලපත්‍ර
- කාර්ය මණ්ඩල දුම්රිය බලපත්‍ර
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය/ ග්‍රාම නිළධාරී විසින් ලබා දෙන නියමිත ආකෘතියේ අයදුම්කරු විසින් ඔහුගේ ආදායම්/ වත්කම් පිළිබදව විස්තර සම්පූර්ණ කර තිබීම.
- ඔහු ඇය රු. 3990ට වැඩි මාසික ආදායම් ලබන ව්‍යාපාරයක් පවත්වාගෙන යයි නම් අදාළ ප්‍රාදේශීය සභාවට හෝ නගර සභාවට වෙළද බලපත්‍ර ගාස්තු ගෙවා ලබාගත් ලදුපතක් සමග අයදුම්පත්‍රය ඉදිරිපත් කල යුතුය.
- ව්‍යාපාරයෙන් ලබන මාසික ආදායම රු. 4000/= වැඩිනම් ව්‍යාපාර නාම ලියාපදිංචිය සිදු කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඒ අනුව ව්‍යාපාර නාම සහතිකය ලබාගෙන අයදුම්පත් ඉදිරිපත් කල යුතු යැයි දැන්වීම.
- වත්කම් පිළිබදව විස්තර ඇතුළත් කර අයදුම් කිරීමක් නම් ඇය/ඔහුගේ නමින් ලියාපදිංචි ඔප්පුව/ භූමි සැලස්ම ජායා පිටපතක් සමග ඉදිරිපත් කල යුතුය.
- වඩු වැඩ කුලී වැඩ මේසන් වැඩ වැනි වෘත්තීයන් සදහා ආදායම් සහතික ලබා දීමේදී ප්‍රාදේශීය සභා වෙළද බලපත්‍ර ගාස්තු ගෙවීම අවශ්‍ය නොවේ.
- කුලී රථ රියදුරු රියදුරු බලපත්‍රය / තම රථයේ හිමිකම් පත්‍රය හෝ ආදායම් බලපත්‍රයේ රක්ෂණ සහතිකයේ ජායා පිටපත් අවශ්‍ය වේ.
- ආකෘතියේ අංක 05 ආහාර මුද්දර ලබා ගනීද සමෘද්ධි/ජනසවි ආධාර ලබයිද රු. 2500/=ට වැඩි මාසික ආදායම් සහතිකයක් ඉල්ලුම් කල විටද ඔහුගේ සමෘද්ධි මුද්දරය ප්‍රා. ලේ. කාර්යාලයට හෝ ග්‍රාම නිළධාරීට භාර දුන් පසු එම අයදුම්කරුට ආදායම් සහතිකයක් නිකුත් කිරීමට සැලකිලිමත් විය යුතුය.
- ඉහත කරුණු සම්පූර්ණ කල අයදුම්පත් ග්‍රාම නිළධාරීගේ විධීමත් සටහනක් මගින් නිර්දේශ කර ඉදිරිපත් කළ යුතුය.
- ඉහත කරුණු සපුරා ඇත්නම් කොමිස් මුදල් අයකිරීම සදහා අනුමත කල හැකි මූල්‍ය සීමාවන් අනුව ප්‍රා .ලේ/ ස. ප්‍රා. ලේ/ පරි. නි. අනුමැතිය සදහා ඉදිරිපත් කිරීම.
- අදාල වාර්ෂික ආදායමෙන් 1.27% කොමිස් මුදලක් ප.ව. 3.00 ට පෙර මුදල් ගෙවා ලබාගත් කුවිතාන්සිය.
- කොමිස් මුදල් ගෙවන ලද කුවිතාන්සිය ලද පසුව ආදායම් සහතිකය ලේඛනයේ අදාල තිරු සම්පූර්ණ කර ප්‍රා. ලේ. ඇමි. 201 ආදායම් තක්සේරු කිරීමේ ආකෘති පත්‍රය සම්පූර්ණ කර අනුමැතිය ලබාගත් ප්‍රා. ලේ / ස. ප්‍රා. ලේ / පරි. නි. ගේ අත්සන ලබා නිළ මුද්‍රාව තබා අයදුම්කරු සහතිකය භාරගත් බවට අත්සන ලබාගෙන සහතිකය නිකුත් කිරීම.
- නඩුවක් සදහා ඇප බැදීමකට හෝ ටෙන්ඩරයක් සදහා ඉදිරිපත් කිරීමට වටිනාකම් සහතිකයක් නිකුත් කෙරේ.
- ඒ සදහා තමාට අයත් ඉඩමේ ඔප්පුවේ පිටපතක් හා මෑතකදී සති දෙකක් අතුළතදී ඉඩම් රෙජිස්ට්‍රාර් වෙතින් ලබා ගත් පත්තිරුවල උධෘතයක්, ඉඩම උකසකට හෝ ඇපයකට ලක් කර නොමැති බවට දිවුරුම් ප්‍රකාශයක් සමග ග්‍රාම නිලධාරි වාර්තාවක් ලබා ගෙන ප්‍රාදේශීය ලේකම් වෙත හෝ සහකාර ප්‍රාදේශිය ලේකම් වෙත ඉදිරිපත් කර ඒ සදහා වටිනාකම් සහතිකයක් නිකුත් කිරීමට අනුමැතිය ලබා ගත යුතුය.
- ඉන් පසු නියමිත කොටස් මුදල අයකර ( 1.27%) වටිනාකම් සහතිකය නිකුත් කල යුතුය (ලැබීම් ශිර්ෂය 10- 03- 90 -09) (118 වෙනි පොදු ආකෘතිය)
- වටිනාකම රු 100 000/= වැඩිනම් එය ප්‍රා. ලේ. වෙත ඉදිරිපත් කල යුතුය නිල මුද්‍රාව තබා භාරගත් බවට පිටපත් අත්සන් කර ගැනීම.
දැව හෙලිම් බලපත්‍ර නිකුත් කිරිම (කොස් , දෙල් හා ගැහැණු තල් ගස්)
අරමුණ
දැව හෙලීමට නීත්‍යානුකූලව අවසර දීම
අවශ්‍ය සුදුසුකම්
චක්‍රලේඛ උපදෙස් වලට අනුකූලව හෙලීමට අවසර දිය හැකි ඉඩමක පිහිටා ඇති ගස් වීම
අවශ්‍ය ලිපිලේඛන
- අයදුම්පත
- ග්‍රාම නිලධාරී නිර්දේශය
- අදාල ගස පිහිටි ඉඩමෙහි සහතික කල ඔප්පු පිටපත
- ඉඩමේ සැලැස්ම / පිඹුර
- අවස්ථානුකූලව අනුමත කල ගොඩනැගිලි සැලැස්ම හා වෙනත් ලියකියවිලි
දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරිම
අරමුණ
දැව නීත්‍යානුකූලව ප්‍රවාහනයට අවසර දීම
අවශ්‍ය සුදුසුකම්
නීත්‍යානුකූලව හෙලීම් කරන ලද දැව වීම
අවශ්‍ය ලිපි ලේඛන
- දැව ලබාගත් ඉඩමේ සහතික කරන ලද ඔප්පු පිටපත.
- දැව මිලදි ගත්තේ නම් අදාල කුවිතාන්සිය.
- කැපීමට බලපත්‍ර අවශ්‍ය දැව සඳහා නම් කැපුම් බල පත්‍රය.
- දැව ලැයිස්තුව.
- ගස් පිහිටි ස්ථානය ලකුණු කළ ඉඩමේ සැලැස්ම.
- දැව ප්‍රවාහන අයදුම්පත් අනුමැතියට ඉදිරිපත් කිරීමේ ලේඛනයේ සටහන් කර සහකාර ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය.
- සහකාර ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය ලද පසු අනුමැතිය සඳහා ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය.
- අනුමැතිය ලද පසු ප්‍රවාහන බල පත්‍ර ගාස්තුව රු 168.00 ක් අය කළ යුතුය.
- ප්‍රවාහනය කිරීමට නියමිත දිනට පෙර බලපත්‍රය ලියා සහකාර ප්‍රාදේශීය ලේකම් හෝ ප්‍රාදේශීය ලේකම් වෙතින් අත්සන් කර ගත යුතුය.
- ප්‍රවාහනය කරන දිනයේදී බල පත්‍රය හා දැව ම්‍රද්‍රාව ග්‍රාම නිලධාරී වෙත නිකුත් කළ යුතුය.
ව්‍යාපාර ලියාපදිංචිය සඳහා නිර්දේශ ලබාදිම
අරමුණ
නීත්‍යානුකූලව දැව ව්‍යාපාර පවත්වාගෙන යාමට පහසුකම් සැලසීම
අවශ්‍ය සුදුසුකම්
දැව ව්‍යාපාරයක් පවත්වාගෙන යාම ආරම්භ කිරීමට බලාපොරොත්තු අයෙකු වීම
1997.11.17 දිනැති 1997/02 චක්‍රලේඛය පරිදි අදාල දුර සීමා වලට යටත් වන ස්ථානයක පිහිටීම
ආසන්න වසර පහක් තුල වන අපරාධ වලට සම්බන්ධ අයෙකු නොවීම
අවශ්‍ය ලිපිලේඛන
- දිසා වන නිලධාරී විසින් නිකුත් කරන ලද අයදුම්පත සමඟ අයදුම්කරුගේ ඉල්ලීම ලිපිය
- ඉඩමේ අයිතිය තහවුරු කෙරෙන ලිපිලේඛන
- පාරිසරික ආරක්ෂණ බලපත්‍රය
- ග්‍රාම නිලධාරී වාර්තාව
අරමුණ
උකස් ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා නීත්‍යෘනුකූල අවසරය ලබා දීම
අවශ්‍ය සුදුසුකම්
ශ්‍රී ලංකා පුරවැසියෙකු වීම
නීතිය හමුවේ වරදකරුවෙකු නොවී තිබීම
අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල ව්‍යාපාරය තිබීම
අවශ්‍ය ලිපි ලේඛන
- නියමිත ආකෘති පත්‍රය මගින් ඉදිරිපත් කරන ඉල්ලුම් පත්‍රය
- ස්ථානය පිළිබඳ පොලිස් වාර්තාව
- ග්‍රාම නිලධාරී වාර්තාව
- ව්‍යාපාරය ලියා පදිංචි කිරීමේ සහතිකය
- ගිනි රක්ෂණ ආවරණයසොර බිය රක්ෂණ ආවරණය
- දිවුරුම් ප්‍රකාශය
- ව්‍යාපාරික ස්ථානයේ අයිතිය තහවුරු කරන වාර්තා
අරමුණ
උකස් බලපත්‍රය වාර්ෂිකව වලංගු කිරීම
අවශ්‍ය සුදුසුකම්
බලපත්‍ර සහිත උකස් ව්‍යාපාරයක් වීම
පෙර වර්ෂය සඳහා වලංගු බලපත්‍රයක් තිබීම
අවශ්‍ය ලිපි ලේඛන
- ඉල්ලුම් පත්‍රය
- ග්‍රාම නිලධාරී වාර්තාව
- පොලිස් වාර්තාව
- පසුගිය වර්ෂයේ ගිණුම් වාර්තාව
- පසු ගිය වර්ෂයේ උකස් බලපත්‍රයේ පිටපත
- ගිණිබිය රක්ෂණ ආවරණය සොර බිය රක්ෂණ ආවරණය
- දිවුරුම් ප්‍රකාශය
සුරාසැල් නව බලපත්‍ර නිකුත් කිරිම
අරමුණ
සුරාසැලක් පවත්වාගෙන යාම සඳහා නීත්‍යානුකූල අවසරය දීම
අවශ්‍ය සුදුසුකම්
ඉල්ලුම්කරු බලපත්‍රය දැරීමට සුදුසු පුද්ගලයෙකු වීම
බලපත්‍රය නිකුත් කිරීම සම්බන්ධයෙන් මහජනයාගේ විරෝධයක් නොමැති වීම
ස්ථානයේ පිහිටීම අදාල කේන්දේසි වලට අනකූල වීම
අවශ්‍ය ලිපි ලේඛන
- සුරාබදු කොමසාරිස් ජනරාල්ගේ අනුමත ලිපිය
සුරාසැල් බලපත්‍ර වාර්ෂිකව අළුත් කිරිම
අරමුණ
සුරාසැල පවත්වාගෙන යාම සඳහා දී ඇති නීත්‍යානුකූල අවසරය දීර්ඝ කිරීම
අවශ්‍ය සුදුසුකම්
බලපත්‍ර සහිත සුරාසැලක් පවත්වාගෙන යාම
අවශ්‍ය ලිපිලේඛන
- සුරාබදු කොමසාරිස් ජනරාල්ගේ අනුමත ලිපිය
- මත්පැන් බල පත්‍ර ලබා ගැනීමට පහත ලියවිලි ඉදිරිපත් කළ යුතුය.
- සහකාර සුරාබදු කොමසාරිස්ගේ නිෂ්කාශන සහතිකය.
- දේශීය අදායම් කොමසාරිස් වෙත බදු ගෙවූ බවට ලිපිය.
- පළාත් ආදායම් කොමසාරිස් වෙත බදු ගෙවු බවට ලිපිය.
- ඉහත ලියවිලි සමඟ අනුමැතිය ලබා ගැනීමට ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය.
- අනුමැතිය ලද පසු අදාල බල පත්‍ර ගාස්තුව අය කළ යුතුය.
- කාල සීමාව ,බලපත්‍ර ගාස්තුව හා මායිම් විස්තරය බලපත්‍රයේ සඳහන් කළ යුතුය.
- බලපත්‍රය ප්‍රාදේශීය ලේකම් වෙත අත්සනට ඉදිරිපත් කළ යුතුය.
- බලපත්‍ර නිකුත් කිරීමේ ලේඛනයේ සටහන් කර ප්‍රතිරුප ගිවිසුම
- බලපත්‍රලාභියා ලවා අත්සන් කරගෙන බලපත්‍රය නිකුත් කළ යුතුය.
සතුන් ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කිරිම
අරමුණ
නීත්‍යානුකූලව සතුන් ප්‍රවාහනයට අවසර දීම
අවශ්‍ය සුදුසුකම්
නීරෝගී සතෙකු බව තහවුරු කිරීම
සතාගේ හිමිකාරිත්වය තහවුරු කරන සතෙකු / සතුන් වීම
ගවයෙකු නම් හංවඩු ගසා තිබීම
ග්‍රාම නිලධාරිගේ නිර්දේශය සහිත හිමිකරුගේ කැමැත්ත දන්වන ලිපිය
අවශ්‍ය ලිපිලේඛන
- අයදුම්කරුගේ ඉල්ලීම් ලිපිය
- ග්‍රාම නිලධාරී නිර්දේශය
- පශ්‍ර වෛද්‍ය වාර්තාව
- සතාගේ හිමිකාරිත්වය තහවුරු කරන ලියවිලි
- ප්‍රවාහනය කරන වාහනය පිළිබඳ වාර්තාව
ගාස්තු
ප්‍රවාහන ගාස්තු එක් ගවයෙකු වෙනුවෙන් රු.50.00 බැගින් අය කෙරේ.
පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර නිර්දේශ ලබාදිම
අරමුණ
පුපුරණ ද්‍රව්‍ය භාවිතය සඳහා නීත්‍යානුකූල අවසර දීම
අවශ්‍ය සුදුසුකම්
පුපුරණ ද්‍රව්‍ය භාවිත කරන කරුමාන්තකරුවෙක් වීම
තාක්ෂණික හැකියාව තිබීම
පුපුරණ ද්‍රව්‍ය අවශ්‍යතාවය තහවුරු කිරීම
අවශ්‍ය ලිපි ලේඛන
- ඉල්ලීම් ලිපියක් සමඟ පුපුරණ ද්‍රව්‍ය පාලක නිකුත් කරන අයදුම්පත
- ග්‍රාම නිලධාරී වාර්තාව
- පරිසර වාර්තාව / පරිසර ආරක්ෂණ බලපත්‍රය
- පොලිස් වාර්තාව
- අදාල පරිදි ජනපද නිලධාරී වාර්තාව
- කැනීම් කර්මාන්තයක් නම් වලංගු කැනීම් බලපත්‍රය















