සහතික පත්‍ර නිකුත් කිරීම

සහතික පත්‍ර වර්ග:-

  1. ජාතික හැඳුනුම්පත්
  2. විදේශ ගමන් බලපත්‍ර
  3. උප්පැන්න/ විවාහ/ මරණ සහතික්
  4. ආදායම් සහතික
  5. තක්සේරු වාර්තා
  6. තක්සේරු සහතික
  7. පදිංදිය සනාථ කිරීමේ සහතික
  8. පදිංචිය හැර යාමේ සහතික
  9. ජල පහසුකම් ලබා ගැනීම සඳහා වූ සහතික
  10. විදුලි බලය ලබා ගැනීම සඳහා ව සහතික

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම

  • නව හැඳුනුම්පතක් නිකුත් කිරීම
  • නැතිවූ හැඳුනුම්පතක් වෙනුවට හැඳුනුම්පතක් නිකුත් කිරීම
  • පැරණි හැඳුනුම්පතක් වෙනුවට හැඳුනුම්පතක් නිකුත් කිරීම

ආදායම් /වටිනාකම්/ තක්සේරු සහතික නිකුත් කිරීම

  • ආදායම් සහතික නිකුත් කිරීම
  • වටිනාකම් සහතික නිකුත් කිරීම
  • තක්සේරු වාර්තා නිකුත් කිරීම

ව්‍යාපාර නාම ලියාපදිංචිය

  • තනි පුද්ගල ව්‍යාපාර නාම ලියාපදිංචිය
  • හවුල් ව්‍යාපාර නාම ලියාපදිංචිය

මුල්වරට හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම්

(අ) ශ්‍රී ලංකාවේ පදිංචි පුරවැසියෙකු විය යුතුය.

(ආ) වයස අවුරුදු 16 සම්පූර්ණ විය යුතුය.

අයදුම්පතක් ලබා ගැනීම

  • අයදුම්කරු පදිංචි වසමේ ග්‍රාම නිලධා‍රී වතු පදිංචිකරුවන් අදාළ වතු අධිකාරී
  • පාසල් අයදුම්කරුවන් අදාළ පාසලේ විදුහල්පතිවරයා හෝ පරිවේණාධිපති
  • ඒ අනුව තමා ලබාගත් අයදුම්පත සම්පූර්ණ කර අවශ්‍ය ලිපි ලේඛන සමග අයදුම්පත ලබාගත් ඉහත සඳහන් නිලධාරින් වෙතට භාරදිය යුතු වේ.

මුල්වරට හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන.

  • සම්පූර්ණ කරන ලද පු.ලි.දෙ.වි.1 ආකෘති පත්‍රය (සුදු පාට ‍හෝ සුදු පාටට හුරු)
  • අයදුම්කරු වයස අවු. 50 ට අඩුනම් අනිවාර්යයෙන්ම උප්පැන්න සහතිකය හෝ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කරන අනුමාන වයස් සහතිකය
  • අනුමාන වයස් සහතිකයක් ඉදිරිපත් කරන අයදුම්කරුවකු සඳහා උපන්දිනය වශයෙන් සලකනු ලබන්නේ අනුමාන වයස් සහතිකයෙහි සඳහන් වර්ෂයෙහි ජුලි මස පළමු දිනයයි.
  • අයදුම්කරුගේ වයස අවු. 50 ට වැඩිනම් ද, උප්පැන්න සහතිකය ‍හෝ අනුමාන වයස් සහතිකය නොමැතිනම් පමණක් ලේඛන සෙවීමේ හිස් ප්‍රතිඵල සටහන හා උපන්දිනය තහවුරු කරන දිවුරුම් ප්‍රකාශයක් සමග පහත දැක්වෙන විකල්ප ලේඛන දෙකක්‍ හෝ වැඩි ප්‍රමාණයක්ඉදිරිපත් කළ යුතුය.
  • පාසල් හැරයාමේ සහතිකය.
  • බෞතිස්ම සහතිකය.
  • අයදුම්කරුගේ/අයදුම්කාරියගේ උපන්දිනය සඳහන්ව ඇති දරුවන්ගේ උප්පැන්න සහතික පිටපත්
  • උප්පැන්න සහතිකයේ උපු‍ටාගත් කොටස
  • ශ්‍රී ලංකාවේ පුරවැසි සහතිකය (උපන්දිනය ඇතුළත්ව තිබේනම්)
  • වතු හැරයාමේ සහතිකය (උපන් දිනය ඇතුළත්ව තිබේනම්)
  • ගමන් බලපත්‍රයේ අදාළ පිටුවල සහතික කළ පිටපත් වතු අධිකාරී විසින් නිකුත් කරන ලද ලියාපදිංචි කාඩ්පත ජන්ම පත්‍රය (හඳහන)
  • විදේශයක උපත ලද්දකු නම් ශ්‍රී ලංකාවේ පුරවැසි බව ලබා ගත් ආගමන විගමන දෙපාර්ත‍මේන්තුව මගින් නිකුත් කළ පුරවැසි සහතිකය සහ එහි ඡායා පිටපත.
  • අයදුම්කරු විවාහක කාන්තාවක් වන විට ස්වාමිපුරුෂයාගේ නම ලබාගැනීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා විවාහ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායා පිටපත.
  • 1 ⅜” X ⅞” ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 5 ක්
  • මුද්දර ගාස්තු: වයස අවුරුදු 17 ට අඩු අයදුම්කරුවන් සඳහා රුපියල් 3.00 ක් වටිනා මුද්දර වයස අවුරුදු 17 ට වැඩි අයදුම්කරුවන් සඳහා රුපියල් 13.00 ක් වටිනා මුද්දර
  • තම රැකියාව හැඳුනුම්පතේ සඳහන් කිරීම අවශ්‍ය වන්නේ නම් ඊට අදාළ සේවා සහතිකය ද (මාස 03 ක් ඇතුළත ලබා ගත්), වෘත්තීයමය සුදුසුකම් ලත් අය එම සුදුසුකම් සනාථ කිරීමට අදාළ සහතිකය ද ඉදිරිපත් කළ යුතුය. උදා: වෛද්‍ය , ගණකාධිකාරි , නීතීඥ , ඉංජිනේරු වැනි වෘත්තීය සුදුසුකම් සඳහා උපාධි සහතිකය ඉදිරිපත් කළ යුතුය.
  • ව්‍යාපාරිකයන් ඒ සඳහා ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකයේ සහතික කළ පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
  • පූජ්‍යත්වය සනාථ කිරීම සඳහා - බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නම් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සාමණේර සහතිකය හෝ උපසම්පදා සහතිකය දසසිල් මාතාවක් නම් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීමේ සහතිකය ඉස්ලාම් පූජකවරුන් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සහතිකය හින්දු පූජකවරුන් හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සහතිකය කතෝලික පූජකවරුන් අදාළ පැවිදි නිකායේ ප්‍රධානීන් වෙතින් ලබාගත් සහතිකය

විවාහ සහතිකයක පිටපතක් ලබා ගැනීම.

  • විවාහ සහතිකයේ පිටපත් ලබාගත යුත්තේ විවාහය සිදුවූ ප‍්‍රදේශය අයත් වන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි.
  • අවශ්‍ය ඉල්ලුම් පත‍්‍රය ඕනෑම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක දිස්ති‍්‍රක් රෙජිස්ට‍්‍රාර් අංශයෙන් ලබාගත හැක.
  • අයකරනු ලබන ගාස්තු,
  • විවාහ සහතිකයේ අංකය, ලියාපදිංචි කළ කොට්ඨාශය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට රු.100.00
  • ලියාපදිංචි කළ කොට්ඨාශය දන්නා විට සහ විවාහ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම් ,
  • මාස 03 කාලයක් තුළ ලේඛන සෙවීමක් සඳහා රු.100.00
  • වර්ෂ 02 කාලයක් තුළ ලේඛන සෙවීමක් සඳහා රු.100.00
  • අවශ්‍ය මුදල් මුද්දර මගින් ඉල්ලුම් පත‍්‍රයේ අලවන්න.
  • සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත‍්‍රය අදාල ප‍්‍රාදේ‍ශීය ලේකම් කාර්යාලය වෙත භාර දෙන්න.

විවාහ සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක් ඉල්ලුම් පත‍්‍රය සමග ඉදිරිපත් කරන්න.

පුවත් සහ සිදුවීම්

11
සැප්2025
නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය  - 2025

නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය - 2025

ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තු ප්‍රතිපාදන යටතේ ඌවපරණගම ප්‍රාදේශීය...

28
අගෝ2025
ඌව පළාත් ව්‍යවසාය සම්මාන ප්‍රධානොත්සවය - 2025

ඌව පළාත් ව්‍යවසාය සම්මාන ප්‍රධානොත්සවය - 2025

ජාතිත ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හා ඌව පළාත්...

Scroll To Top